Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #11 Translated in Sinhalese

9:7
كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِنْدَ اللَّهِ وَعِنْدَ رَسُولِهِ إِلَّا الَّذِينَ عَاهَدْتُمْ عِنْدَ الْمَسْجِدِ الْحَرَامِ ۖ فَمَا اسْتَقَامُوا لَكُمْ فَاسْتَقِيمُوا لَهُمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ
ආදේශ කරන්නන් හට අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් ගිවිසුමක් ඇති වන්නේ කෙසේ ද? නමුත් නුඹලා මස්ජිදුල් හරාම් අසළ ගිවිසුම් ඇති කරගත් උදවිය හැර. ඔවුන් නුඹලාට ඍජුව කටයුතු කරන තාක් කල් නුඹලා ද ඔවුනට ඍජුව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.
9:8
كَيْفَ وَإِنْ يَظْهَرُوا عَلَيْكُمْ لَا يَرْقُبُوا فِيكُمْ إِلًّا وَلَا ذِمَّةً ۚ يُرْضُونَكُمْ بِأَفْوَاهِهِمْ وَتَأْبَىٰ قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَاسِقُونَ
(ගිවිසුමක් රැඳී පවතිනුයේ) කෙසේ ද? නුඹලාට එරෙහිව ඔවුන් ජය ලබන්නේ නම් නුඹලා තුළ පවතින නෑ සම්බන්ධතාව හෝ ගිවිසුම හෝ ඔවුන් නොසලකා හරිති. ඔවුන්ගේ කට වචනින් නුඹලාව තෘප්තියට පත් කරති. නමුත් ඔවුන්ගේ හදවත් එයට පිටුපාති. තවද ඔවුන්ගෙන් බහුතරයක් පාපතරයෝය.
9:9
اشْتَرَوْا بِآيَاتِ اللَّهِ ثَمَنًا قَلِيلًا فَصَدُّوا عَنْ سَبِيلِهِ ۚ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ
ඔවුන් අල්ලාහ්ගේ වදන් වෙනුවට ස්වල්ප මිළක් ලබා ඔහුගේ මාර්ගයෙන් (ජනයා) වැළැක්වූවෝය. නියත වශයෙන්ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.‍
لَا يَرْقُبُونَ فِي مُؤْمِنٍ إِلًّا وَلَا ذِمَّةً ۚ وَأُولَٰئِكَ هُمُ الْمُعْتَدُونَ
දේවත්වය විශ්වාස කරන්නකුගේ විෂයයෙහි කිසිදු (ඤාති) සම්බන්ධතාවක් ගැන හෝ ගිවිසුමක් ගැන හෝ ඔවුහු සැලකිලිමත් නොවෙති. තවද ඔවුහුමය සීමාව ඉක්මවා ගියවුන් වන්නෝ.
فَإِنْ تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَإِخْوَانُكُمْ فِي الدِّينِ ۗ وَنُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ
නමුත් ඔවුහු පශ්චාත්තාප වී (වරදින්) මිදී සලාතය ද විධිමත් ව ඉටු කර, zසකාතය ද පිරිනැමුවේ නම් එවිට ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයෝ වෙති. තවද වටහා ගන්නා පිරිසට අපි මෙම වදන් පැහැදිලි කරන්නෙමු.

Choose other languages: