Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #90 Translated in Sinhalese

وَإِذَا أُنْزِلَتْ سُورَةٌ أَنْ آمِنُوا بِاللَّهِ وَجَاهِدُوا مَعَ رَسُولِهِ اسْتَأْذَنَكَ أُولُو الطَّوْلِ مِنْهُمْ وَقَالُوا ذَرْنَا نَكُنْ مَعَ الْقَاعِدِينَ
නුඹලා අල්ලාහ් ව විශ්වාස කරනු, තවද ඔහුගේ දූතයාණන් සමඟ එක් ව අරගල කරනු යැයි එක් පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ විට ඔවුන් අතරින් වූ ධනතුවන් නුඹ අප අත හැර දමනු. අපි රැඳී සිටින්නන් සමඟ සිටින්නෙමු යැයි පවසා නුඹගෙන් අවසර පතති.
رَضُوا بِأَنْ يَكُونُوا مَعَ الْخَوَالِفِ وَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ
(නිවසේ) රැඳී සිටින කාන්තාවන් සමඟ ඔවුන් ද සිටින්නට ප්‍රිය කරති. තවද ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබන ලදී. එහෙයින් ඔවුහු වටහා නොගනිති.
لَٰكِنِ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ جَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ ۚ وَأُولَٰئِكَ لَهُمُ الْخَيْرَاتُ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
එනමුත් මෙම දූතයාණන් හා ඔහු සමඟ විශ්වාස කළවුන් තම ධනය හා ජීවිත කැප කරමින් සටන් කළෝය. තමන් හට යහපත් දෑ ඇත්තවුන් මොවුහුමය. තවද ජය ලබන්නෝද මොවුහුමය.
أَعَدَّ اللَّهُ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ
ඔවුන් වෙනුවෙන් අල්ලාහ් ස්වර්ග උයන් සූදානම් කර ඇත. ඒවාට යටින් ගංගාවෝ ගලා බසිති. එහි ඔවුහු සදාතනිකයින් වෙති. එයයි අතිමහත් ජයග්‍රහණය.
وَجَاءَ الْمُعَذِّرُونَ مِنَ الْأَعْرَابِ لِيُؤْذَنَ لَهُمْ وَقَعَدَ الَّذِينَ كَذَبُوا اللَّهَ وَرَسُولَهُ ۚ سَيُصِيبُ الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابٌ أَلِيمٌ
(යුද්ධයට සහභාගී නොවන්නට) තමන්හට අවසර පතා ගම්බද ජනයා අතරින් නිදහසට කරුණු පවසන්නන් පැමිණියෝය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට බොරු පැවසූවන් වාඩි වී සිටියෝ ය. ඔවුන් අතරින් ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් මතු ඇති වනු ඇත.

Choose other languages: