Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #82 Translated in Sinhalese

أَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ سِرَّهُمْ وَنَجْوَاهُمْ وَأَنَّ اللَّهَ عَلَّامُ الْغُيُوبِ
නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගේ රහස්‍ය දෑ හා රහස් සාකච්ඡාවන් දන්නා බවත් තවද නියත වශයෙන්ම අල්ලාහ් ගුප්ත දෑ පිළිබඳ මැනවින් දන්නා බවත් ඔවුහු නොදැන සිටියෝද?
الَّذِينَ يَلْمِزُونَ الْمُطَّوِّعِينَ مِنَ الْمُؤْمِنِينَ فِي الصَّدَقَاتِ وَالَّذِينَ لَا يَجِدُونَ إِلَّا جُهْدَهُمْ فَيَسْخَرُونَ مِنْهُمْ ۙ سَخِرَ اللَّهُ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
දේවත්වය විශ්වාස කරන්නන් අතරින් දානයන් සම්බන්ධයෙහි සිය කැමැත්තෙන් පරිත්‍යාග කරන්නන්හට හා තම ශ්‍රමය හැර වෙනත් කිසිවක් නොලබන්නන්හට ඔවුහු දොස් නගා ඔවුනට අවමන් කරන අය වනාහි අල්ලාහ් ඔවුන් අවමානයට ලක් කළේය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
اسْتَغْفِرْ لَهُمْ أَوْ لَا تَسْتَغْفِرْ لَهُمْ إِنْ تَسْتَغْفِرْ لَهُمْ سَبْعِينَ مَرَّةً فَلَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ
(නබිවරය) ඔවුන් වෙනුවෙන් නුඹ සමාව අයදිනු. නැතහොත් ඔවුන් වෙනුවෙන් සමාව අයැද නොසිටිනු. නුඹ ඔවුන් වෙනුවෙන් හැත්තෑ වාරයක් සමාව අයැද සිටිය ද අල්ලාහ් ඔවුනට සමාව නොදෙන්නේමය. හේතුව සැබැවින්ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්‍රතික්ෂේප කළ බැවිනි. තවද අල්ලාහ් පාපතර ජනයාට මඟ පෙන්වන්නේ නැත.
فَرِحَ الْمُخَلَّفُونَ بِمَقْعَدِهِمْ خِلَافَ رَسُولِ اللَّهِ وَكَرِهُوا أَنْ يُجَاهِدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ وَقَالُوا لَا تَنْفِرُوا فِي الْحَرِّ ۗ قُلْ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرًّا ۚ لَوْ كَانُوا يَفْقَهُونَ
අල්ලාහ්ගේ දූතයාණන්ට විරුද්ධව (තබූක් මෙහෙයුමට නොගොස්) තම ස්ථානයන්හිම පසු බැස (රැඳී) සිටින්නෝ සතුටු වූහ. තවද තම වස්තුව හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කිරීමට ඔවුහු පිළිකුල් කළෝය. තවද නුඹලා ග්‍රීෂ්ම කාලයෙහි පිටත් ව නොයනු යැයි ඔවුහු පැවසුවෝය. ඔවුහු අවබෝධ කර ගන්නේ නම්, නිරා ගින්න උෂ්ණත්වයෙන් ඊට වඩා අධික යැයි (නබිවරය!) නුඹ පවසනු.
فَلْيَضْحَكُوا قَلِيلًا وَلْيَبْكُوا كَثِيرًا جَزَاءً بِمَا كَانُوا يَكْسِبُونَ
ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් (ඊට) ප්‍රතිවිපාකයක් වශයෙන් ස්වල්පයක් සිනහසෙත්වා! අධික ව අඬත්වා!

Choose other languages: