Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #78 Translated in Sinhalese

يَحْلِفُونَ بِاللَّهِ مَا قَالُوا وَلَقَدْ قَالُوا كَلِمَةَ الْكُفْرِ وَكَفَرُوا بَعْدَ إِسْلَامِهِمْ وَهَمُّوا بِمَا لَمْ يَنَالُوا ۚ وَمَا نَقَمُوا إِلَّا أَنْ أَغْنَاهُمُ اللَّهُ وَرَسُولُهُ مِنْ فَضْلِهِ ۚ فَإِنْ يَتُوبُوا يَكُ خَيْرًا لَهُمْ ۖ وَإِنْ يَتَوَلَّوْا يُعَذِّبْهُمُ اللَّهُ عَذَابًا أَلِيمًا فِي الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَمَا لَهُمْ فِي الْأَرْضِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ
තමන් නොපැවසූ බවට අල්ලාහ් මත ඔවුහු දිවුරති. නමුත් ඔවුහු ප්‍රතික්ෂේපයේ වදන පැවසුවෝය. ඔවුහු ඉස්ලාමය පිළිගත් පසු එය ප්‍රතික්ෂේප කළෝය. ඔවුනට නොලැබුණු දෑ අපේක්ෂා කළෝය. තම භාග්‍යයෙන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුන් ව ධනවත් කිරීමේ හේතුව මිස ඔවුන් කෝප වීමට වෙනෙකක් නොවීය. නමුත් ඔවුන් පසුතැවිලි වී යොමු වන්නේ නම් එය ඔවුනට යහපතක් වනු ඇත. එමෙන්ම ඔවුන් පිටුපා යන්නේ නම් මෙලොවදී හා මතු ලොවදී අල්ලාහ් ඔවුනට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත. තවද මහපොළොවේ කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ ඔවුනට නොමැත.
وَمِنْهُمْ مَنْ عَاهَدَ اللَّهَ لَئِنْ آتَانَا مِنْ فَضْلِهِ لَنَصَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ الصَّالِحِينَ
ඔහුගේ භාග්‍යයෙන් ඔහු අපට පිරිනමා ඇත්නම් සැබැවින්ම අපි දන් දෙන්නෙමු. තවද සැබැවින් ම අපි දැහැමියන් අතරින් වන්නෙමු" යැයි අල්ලාහ් සමඟ ගිවිස ගත් අය ද ඔවුන් අතරින් වෙති.
فَلَمَّا آتَاهُمْ مِنْ فَضْلِهِ بَخِلُوا بِهِ وَتَوَلَّوْا وَهُمْ مُعْرِضُونَ
නමුත් ඔහු ඔවුනට ඔහුගේ භාග්‍යයෙන් පිරිනැමූ කල්හි ඔවුහු ඒ පිළිබඳ ව මසුරුකම් පෑහ. තවද ඔවුහු පිටුපාන්නන් ලෙසින් හැරී ගියෝය.
فَأَعْقَبَهُمْ نِفَاقًا فِي قُلُوبِهِمْ إِلَىٰ يَوْمِ يَلْقَوْنَهُ بِمَا أَخْلَفُوا اللَّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُوا يَكْذِبُونَ
අල්ලාහ් වෙත කළ ප්‍රතිඥාව ඔවුන් කඩ කළ බැවින් ද ඔවුන් බොරු පවසමින් සිටි බැවින් ද ඔහු ව ඔවුන් හමු වන දිනය තෙක් ඔවුන්ගේ හදවත් තුළ කුහකත්වය ඔවුන් පසුපස හබා යන්නට ඔහු ඉඩ හැරියේය.
أَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ سِرَّهُمْ وَنَجْوَاهُمْ وَأَنَّ اللَّهَ عَلَّامُ الْغُيُوبِ
නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගේ රහස්‍ය දෑ හා රහස් සාකච්ඡාවන් දන්නා බවත් තවද නියත වශයෙන්ම අල්ලාහ් ගුප්ත දෑ පිළිබඳ මැනවින් දන්නා බවත් ඔවුහු නොදැන සිටියෝද?

Choose other languages: