Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #8 Translated in Sinhalese

9:4
إِلَّا الَّذِينَ عَاهَدْتُمْ مِنَ الْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنْقُصُوكُمْ شَيْئًا وَلَمْ يُظَاهِرُوا عَلَيْكُمْ أَحَدًا فَأَتِمُّوا إِلَيْهِمْ عَهْدَهُمْ إِلَىٰ مُدَّتِهِمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ
නමුත් ආදේශ කරන්නන් අතරින් නුඹලා ගිවිස ගත් පසු නුඹලාට (එම ගිවිසුමෙහි) කිසිදු අඩුවක් නොකළ, නුඹලාට එරෙහි ව කිසිවෙකුට උදව් නොදුන් අය හැර. (ඔවුන් විෂයෙහි) ඔවුන්ගේ නියමිත කාලය දක්වා ඔවුන්ගේ ගිවිසුම ඔවුන් වෙත පූර්ණ ව ඉටු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.
9:5
فَإِذَا انْسَلَخَ الْأَشْهُرُ الْحُرُمُ فَاقْتُلُوا الْمُشْرِكِينَ حَيْثُ وَجَدْتُمُوهُمْ وَخُذُوهُمْ وَاحْصُرُوهُمْ وَاقْعُدُوا لَهُمْ كُلَّ مَرْصَدٍ ۚ فَإِنْ تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَخَلُّوا سَبِيلَهُمْ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
ශුද්ධ මාස ගෙවී ගිය පසු නුඹලා ආදේශ කරන්නන් (යුද පිටියේ) දුටු තැන නසා දමනු. තවද ඔවුන්ව අල්ලා ගනු තවද ඔවුන්ව කොටු කරනු (ඔවුන්) යන එන සෑම තැනකම ඔවුනට එරෙහිව වාඩි වී (රැක) සිටිනු. නමුත් ඔවුන් පසුතැවිලි වී සලාතය විධිමත්ව ඉටු කොට සකාත් ද පිරිනැමුවේ නම් ඔවුන්ගේ මාර්ගයේ ඔවුන්ව නුඹලා අතහැර දමනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.
9:6
وَإِنْ أَحَدٌ مِنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَامَ اللَّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْلَمُونَ
ආදේශ කරන්නන් අතරින් කවරෙක් හෝ නුඹගෙන් රැකවරණය පැතුවේ නම් එවිට ඔහු අල්ලාහ්ගේ වදනට සවන් දෙන තෙක් නුඹ ඔහුට රැකවරණය දෙනු. පසුව ආරක්ෂිත ස්ථානයක් වෙත නුඹ ඔහුව ළඟා කරනු. හේතුව නියත වශයෙන්ම ඔවුන් නොදන්නා පිරිසක් බැවිනි.
9:7
كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِنْدَ اللَّهِ وَعِنْدَ رَسُولِهِ إِلَّا الَّذِينَ عَاهَدْتُمْ عِنْدَ الْمَسْجِدِ الْحَرَامِ ۖ فَمَا اسْتَقَامُوا لَكُمْ فَاسْتَقِيمُوا لَهُمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ
ආදේශ කරන්නන් හට අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් ගිවිසුමක් ඇති වන්නේ කෙසේ ද? නමුත් නුඹලා මස්ජිදුල් හරාම් අසළ ගිවිසුම් ඇති කරගත් උදවිය හැර. ඔවුන් නුඹලාට ඍජුව කටයුතු කරන තාක් කල් නුඹලා ද ඔවුනට ඍජුව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.
9:8
كَيْفَ وَإِنْ يَظْهَرُوا عَلَيْكُمْ لَا يَرْقُبُوا فِيكُمْ إِلًّا وَلَا ذِمَّةً ۚ يُرْضُونَكُمْ بِأَفْوَاهِهِمْ وَتَأْبَىٰ قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَاسِقُونَ
(ගිවිසුමක් රැඳී පවතිනුයේ) කෙසේ ද? නුඹලාට එරෙහිව ඔවුන් ජය ලබන්නේ නම් නුඹලා තුළ පවතින නෑ සම්බන්ධතාව හෝ ගිවිසුම හෝ ඔවුන් නොසලකා හරිති. ඔවුන්ගේ කට වචනින් නුඹලාව තෘප්තියට පත් කරති. නමුත් ඔවුන්ගේ හදවත් එයට පිටුපාති. තවද ඔවුන්ගෙන් බහුතරයක් පාපතරයෝය.

Choose other languages: