Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #7 Translated in Sinhalese

9:3
وَأَذَانٌ مِنَ اللَّهِ وَرَسُولِهِ إِلَى النَّاسِ يَوْمَ الْحَجِّ الْأَكْبَرِ أَنَّ اللَّهَ بَرِيءٌ مِنَ الْمُشْرِكِينَ ۙ وَرَسُولُهُ ۚ فَإِنْ تُبْتُمْ فَهُوَ خَيْرٌ لَكُمْ ۖ وَإِنْ تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللَّهِ ۗ وَبَشِّرِ الَّذِينَ كَفَرُوا بِعَذَابٍ أَلِيمٍ
සබැවින් ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ආදේශ තබන්නන් සමඟ වූ බැඳීමෙන් ඉවත් විය. (මෙය) මහා හජ් දිනයෙහි (රැස් වූ) ජනතාවට අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතින් වූ දැනුම් දීමය. (එබැවින්) නුඹලා පශ්චාත්තාප වී මිදුණේ නම් එවිට එය නුඹලාට යහපත්ය. තවද නුඹලා පිටුපෑවෙහු නම් එවිට සැබැවින්ම නුඹලා අල්ලාහ් ව අබිබවන්නට හැකියාවන්ත නොවන බව දැනගනු. ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් ඇති බව නුඹ ශුභාරංචි දන් වනු.
9:4
إِلَّا الَّذِينَ عَاهَدْتُمْ مِنَ الْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنْقُصُوكُمْ شَيْئًا وَلَمْ يُظَاهِرُوا عَلَيْكُمْ أَحَدًا فَأَتِمُّوا إِلَيْهِمْ عَهْدَهُمْ إِلَىٰ مُدَّتِهِمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ
නමුත් ආදේශ කරන්නන් අතරින් නුඹලා ගිවිස ගත් පසු නුඹලාට (එම ගිවිසුමෙහි) කිසිදු අඩුවක් නොකළ, නුඹලාට එරෙහි ව කිසිවෙකුට උදව් නොදුන් අය හැර. (ඔවුන් විෂයෙහි) ඔවුන්ගේ නියමිත කාලය දක්වා ඔවුන්ගේ ගිවිසුම ඔවුන් වෙත පූර්ණ ව ඉටු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.
9:5
فَإِذَا انْسَلَخَ الْأَشْهُرُ الْحُرُمُ فَاقْتُلُوا الْمُشْرِكِينَ حَيْثُ وَجَدْتُمُوهُمْ وَخُذُوهُمْ وَاحْصُرُوهُمْ وَاقْعُدُوا لَهُمْ كُلَّ مَرْصَدٍ ۚ فَإِنْ تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَخَلُّوا سَبِيلَهُمْ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
ශුද්ධ මාස ගෙවී ගිය පසු නුඹලා ආදේශ කරන්නන් (යුද පිටියේ) දුටු තැන නසා දමනු. තවද ඔවුන්ව අල්ලා ගනු තවද ඔවුන්ව කොටු කරනු (ඔවුන්) යන එන සෑම තැනකම ඔවුනට එරෙහිව වාඩි වී (රැක) සිටිනු. නමුත් ඔවුන් පසුතැවිලි වී සලාතය විධිමත්ව ඉටු කොට සකාත් ද පිරිනැමුවේ නම් ඔවුන්ගේ මාර්ගයේ ඔවුන්ව නුඹලා අතහැර දමනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.
9:6
وَإِنْ أَحَدٌ مِنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَامَ اللَّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْلَمُونَ
ආදේශ කරන්නන් අතරින් කවරෙක් හෝ නුඹගෙන් රැකවරණය පැතුවේ නම් එවිට ඔහු අල්ලාහ්ගේ වදනට සවන් දෙන තෙක් නුඹ ඔහුට රැකවරණය දෙනු. පසුව ආරක්ෂිත ස්ථානයක් වෙත නුඹ ඔහුව ළඟා කරනු. හේතුව නියත වශයෙන්ම ඔවුන් නොදන්නා පිරිසක් බැවිනි.
9:7
كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِنْدَ اللَّهِ وَعِنْدَ رَسُولِهِ إِلَّا الَّذِينَ عَاهَدْتُمْ عِنْدَ الْمَسْجِدِ الْحَرَامِ ۖ فَمَا اسْتَقَامُوا لَكُمْ فَاسْتَقِيمُوا لَهُمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ
ආදේශ කරන්නන් හට අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් ගිවිසුමක් ඇති වන්නේ කෙසේ ද? නමුත් නුඹලා මස්ජිදුල් හරාම් අසළ ගිවිසුම් ඇති කරගත් උදවිය හැර. ඔවුන් නුඹලාට ඍජුව කටයුතු කරන තාක් කල් නුඹලා ද ඔවුනට ඍජුව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.

Choose other languages: