Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #17 Translated in Sinhalese

أَلَا تُقَاتِلُونَ قَوْمًا نَكَثُوا أَيْمَانَهُمْ وَهَمُّوا بِإِخْرَاجِ الرَّسُولِ وَهُمْ بَدَءُوكُمْ أَوَّلَ مَرَّةٍ ۚ أَتَخْشَوْنَهُمْ ۚ فَاللَّهُ أَحَقُّ أَنْ تَخْشَوْهُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
සිය ගිවිසුම බිඳ දමමින්, මෙම දූතයාණන් ව (මක්කාවෙන්) පිටුවහල් කිරීමට සැලසුම් කළ පිරිසක් සමඟ නුඹලා සටන් කළ යුතු නොවේ ද? නුඹලා සමඟ (සටන් කිරීමට) පළමු වර ආරම්භ කළේ ඔවුන්ය. නුඹලා ඔවුනට බිය වන්නෙහු ද? නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා බිය වීමට වඩාත් සුදුස්සා වන්නේ අල්ලාහ්ය.
قَاتِلُوهُمْ يُعَذِّبْهُمُ اللَّهُ بِأَيْدِيكُمْ وَيُخْزِهِمْ وَيَنْصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍ مُؤْمِنِينَ
ඔවුන් සමඟ නුඹලා සටන් කරනු. නුඹලාගේ අත්වලින් අල්ලාහ් ඔවුනට දඬුවම් කරයි. තවද ඔවුන් ව අවමානයට පත් කරයි. ඔවුනට එරෙහි ව නුඹලාට උදව් කරයි. ඔහු දේවත්වය විශ්වාස කරන පිරිසගේ හදවත් සුව කරයි.
وَيُذْهِبْ غَيْظَ قُلُوبِهِمْ ۗ وَيَتُوبُ اللَّهُ عَلَىٰ مَنْ يَشَاءُ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
තවද ඔවුන්ගේ හදවත් හි ඇති කෝපය ඔහු පහ කරයි. තමන් අභිමත කරන අය වෙත අල්ලාහ් සමාව ලබා දෙයි. තවද අල්ලාහ් සර්ව ඥානීය; ප්‍රඥාවන්තය.
أَمْ حَسِبْتُمْ أَنْ تُتْرَكُوا وَلَمَّا يَعْلَمِ اللَّهُ الَّذِينَ جَاهَدُوا مِنْكُمْ وَلَمْ يَتَّخِذُوا مِنْ دُونِ اللَّهِ وَلَا رَسُولِهِ وَلَا الْمُؤْمِنِينَ وَلِيجَةً ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
නුඹලා අතරින් (යුද්ධයට) කැප වී අල්ලාහ්, ඔහුගේ රසූල්වරයා හා දේවත්වය විශ්වාස කරන්නන් හැර අන් කිසිවෙක් සුහද මිතුරන් ලෙස නොගත් අය ගැන ඔහු ප්‍රත්‍යක්ෂ නොකර නුඹලා අතහැර දමනු ලබනු ඇතැයි නුඹලා සිතන්නෙහු ද? තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව ඥානීය.
مَا كَانَ لِلْمُشْرِكِينَ أَنْ يَعْمُرُوا مَسَاجِدَ اللَّهِ شَاهِدِينَ عَلَىٰ أَنْفُسِهِمْ بِالْكُفْرِ ۚ أُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ وَفِي النَّارِ هُمْ خَالِدُونَ
ආදේශ තබන්නන් (තමන්ගේ) දේව ප්‍රතික්ෂේපය ගැන තමන්ට එරෙහි ව සාක්ෂි දරන්නන් ලෙස සිටිය දී අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කිරීම ඔවුනට සුදුසු නොවීය. තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහුය. තවද නිරා ගින්නේ ඔවුහු සදාතනිකයෝ වෙති.

Choose other languages: