Surah At-Tawba Ayahs #113 Translated in Sinhalese
أَفَمَنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىٰ تَقْوَىٰ مِنَ اللَّهِ وَرِضْوَانٍ خَيْرٌ أَمْ مَنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىٰ شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهِ فِي نَارِ جَهَنَّمَ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් පිළිබඳ වූ බිය හැඟීමෙන් යුතුව (ඔහුගේ) තෘප්තිය බලාපොරොත්තුවෙන් ගොඩනැගිල්ලක් ඉදි කරන්නා ද එසේ නැතහොත්, ඒ සමඟම නිරා ගින්නට වැටෙන තත්ත්වයේ ගරා වැටෙන ඉවුරු තීරුවේ ගොඩනැගිල්ලක් ඉදි කරන්නා ද? තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මඟ නොපෙන්වයි.
لَا يَزَالُ بُنْيَانُهُمُ الَّذِي بَنَوْا رِيبَةً فِي قُلُوبِهِمْ إِلَّا أَنْ تَقَطَّعَ قُلُوبُهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
ඔවුන් ඉදි කළා වූ ඔවුන්ගේ ගොඩනැගිල්ල ඔවුන්ගේ හදවත් කැබලි වන තෙක් ඔවුන්ගේ හදවත් තුළ සැකයෙන්ම පවතී. තවද අල්ලාහ් සර්වඥානීය; ප්‍රඥාවන්තය.
إِنَّ اللَّهَ اشْتَرَىٰ مِنَ الْمُؤْمِنِينَ أَنْفُسَهُمْ وَأَمْوَالَهُمْ بِأَنَّ لَهُمُ الْجَنَّةَ ۚ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ ۖ وَعْدًا عَلَيْهِ حَقًّا فِي التَّوْرَاةِ وَالْإِنْجِيلِ وَالْقُرْآنِ ۚ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِ مِنَ اللَّهِ ۚ فَاسْتَبْشِرُوا بِبَيْعِكُمُ الَّذِي بَايَعْتُمْ بِهِ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
සැබැවින්ම ඔවුනට ස්වර්ගය ඇතැයි පවසා නියත වශයෙන්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන්නන්ගෙන් ඔවුන්ගේ ජීවිත හා ඔවුන්ගේ වස්තු ඒ වෙනුවට (මිලට) ගත්තේය. ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරති. එවිට (සතුරන්) නසා දමති. ඔවුන් ද නසනු ලබති. මෙය තව්රාතයේ ඉන්ජීලයේ හා අල් කුර්ආනයේ (සඳහන්) තමන් වෙතම නියම කරගත් ප්‍රතිඥාවක් වශයෙනි. අල්ලාහ්ට වඩා තම ප්‍රතිඥාව වඩාත් පූර්ණවත් ව ඉටු කරන්නේ කවරෙකු ද? නුඹලා කවර දෙයක් සම්බන්ධයෙන් ගිවිස ගත්තෙහු ද නුඹලාගේ එම ගනුදෙනු ව පිළිබඳ නුඹලා සතුටු වනු. තවද එයයි අති මහත් ජයග්‍රහණය වනුයේ.
التَّائِبُونَ الْعَابِدُونَ الْحَامِدُونَ السَّائِحُونَ الرَّاكِعُونَ السَّاجِدُونَ الْآمِرُونَ بِالْمَعْرُوفِ وَالنَّاهُونَ عَنِ الْمُنْكَرِ وَالْحَافِظُونَ لِحُدُودِ اللَّهِ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ
ඔවුන් වනාහි (අල්ලාහ් වෙත) පශ්චාත්තාප වී යොමු වන, (ඔහුට) නැමදුම් කරන, (ඔහුට) ප්‍රශංසා කරන, උපවාසය රකින, (නැමී) රුකූඃ කරන, (නළල බිම තබා) සුජූද් කරන, යහපත විධානය කරන, අයහපත් දැයින් වළක්වාලන, තවද අල්ලාහ්ගේ සීමාවන් සුරක්ෂා කරන්නෝ වෙති. තවද (එවන්) දේවත්වය විශ්වාස කරන්නන් හට නුඹ සුබාරංචි දන්වනු.
مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُوا أَنْ يَسْتَغْفِرُوا لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوا أُولِي قُرْبَىٰ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحِيمِ
නියත වශයෙන්ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේවත්වය විශ්වාස කරන්නන්ට සුදුසු නොවීය.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
