Quran Apps in many lanuages:

Surah At-Tahrim Ayahs #12 Translated in Sinhalese

يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمَصِيرُ
අහෝ නබිවරය! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් සමග නුඹ අරගල කරනු. තවද ඔවුනට එරෙහි ව දැඩි ව කටයුතු කරනු. තවද ඔවුන්ගේ නවාතැන නිරයයි. තවද යොමු වන ස්ථානය නපුරු විය.
ضَرَبَ اللَّهُ مَثَلًا لِلَّذِينَ كَفَرُوا امْرَأَتَ نُوحٍ وَامْرَأَتَ لُوطٍ ۖ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَالِحَيْنِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنْهُمَا مِنَ اللَّهِ شَيْئًا وَقِيلَ ادْخُلَا النَّارَ مَعَ الدَّاخِلِينَ
නූහ්ගේ බිරිය හා ලූත්ගේ බිරිය ප්‍රතික්ෂේප කළවුන් සඳහා උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේය. ඔවුන් දෙදෙනා අපගේ දැහැමි ගැත්තන් අතරින් ගැත්තන් දෙදෙනෙකු යටතේ වූහ. නමුත් ඔවුන් දෙදෙනා මොවුන් (සැමියන්) දෙදෙනා ට ද්‍රෝහි වූවෝය. එවිට අල්ලාහ්ගෙන් වූ කිසිවකින් ඔවුන් දෙදෙනා වෙනුවෙන් කිසිදු සෙතක් සැලසිය නොහැකි විය. තවද නුඹලා පිවිසෙන්නන් සමග නිරයට පිවිසෙනු යැයි කියනු ලැබීය.
وَضَرَبَ اللَّهُ مَثَلًا لِلَّذِينَ آمَنُوا امْرَأَتَ فِرْعَوْنَ إِذْ قَالَتْ رَبِّ ابْنِ لِي عِنْدَكَ بَيْتًا فِي الْجَنَّةِ وَنَجِّنِي مِنْ فِرْعَوْنَ وَعَمَلِهِ وَنَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ
තවද විශ්වාස කළවුන් සදහා උපමාවක් ලෙස අල්ලාහ් ෆිර්අවුන්ගේ බිරිය ඉදිරිපත් කළේය. “මාගේ පරමාධිපතියාණනි! නුඹ අබියස (ස්වර්ග) උයනේ නිවසක් මා වෙනුවෙන් ඉදි කර දෙනු මැනව! තවද ෆිර්අවුන්ගෙන් ද ඔහුගේ (නපුරු) ක්‍රියාවෙන් ද මා මුදවා ගනු මැනව! තවද අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු මැනව!” යැයි ඇය පවසා සිටියාය.
وَمَرْيَمَ ابْنَتَ عِمْرَانَ الَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهِ مِنْ رُوحِنَا وَصَدَّقَتْ بِكَلِمَاتِ رَبِّهَا وَكُتُبِهِ وَكَانَتْ مِنَ الْقَانِتِينَ
තවද තම පතිවත සුරක්ෂා කර ගත් ඉම්රාන්ගේ දියණිය වූ මර්යම් (ගේ උපමාව ද ගෙන හැර දක්වීය.) අපගේ ආත්මයෙන් ඒ වෙත අපි පිඹුවෙමු. තවද ඇයගේ පරමාධිපතිගේ වදන් හා ඔහුගේ ග්‍රන්ථ ඇය තහවුරු කළාය. තවද ඇය අවනතක වන්නන් අතරින් වූවාය.

Choose other languages: