Quran Apps in many lanuages:

Surah At-Taghabun Ayahs #18 Translated in Sinhalese

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّ مِنْ أَزْوَاجِكُمْ وَأَوْلَادِكُمْ عَدُوًّا لَكُمْ فَاحْذَرُوهُمْ ۚ وَإِنْ تَعْفُوا وَتَصْفَحُوا وَتَغْفِرُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නියත වශයෙන්ම නුඹලාගේ බිරියන්ගෙන් ද නුඹලාගේ දරුවන්ගෙන් ද නුඹලාට සතුරන් වෙති. එහෙයින් නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේශම් වනු. තවද නුඹලා නොසලකා හැර ගණන් නොගෙන සමාව දුන්නෙහු නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
إِنَّمَا أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ ۚ وَاللَّهُ عِنْدَهُ أَجْرٌ عَظِيمٌ
නියත වශයෙන්ම නුඹලාගේ ධනය ද නුඹලාගේ දරුවන් ද පරීක්ෂණයකි. තවද අල්ලාහ් වන ඔහු අබියස මහත් වූ කුලියක් ඇත.
فَاتَّقُوا اللَّهَ مَا اسْتَطَعْتُمْ وَاسْمَعُوا وَأَطِيعُوا وَأَنْفِقُوا خَيْرًا لِأَنْفُسِكُمْ ۗ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
එහෙයින් නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා සවන් දෙනු. තවද නුඹලා අවනත වනු. තවද නුඹලා වියදම් කරනු. එය නුඹලාට යහපතකි. තවද කවරෙකු තම මසුරුකමින් ආරක්ෂා කරනු ලබන්නේ ද එවිට ඔවුහුමය ජයග්රාහකයෝ.
إِنْ تُقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا يُضَاعِفْهُ لَكُمْ وَيَغْفِرْ لَكُمْ ۚ وَاللَّهُ شَكُورٌ حَلِيمٌ
නුඹලා අල්ලාහ්ට අලංකාර ණයක් දුන්නෙහු නම් ඔහු එය නුඹලාට ගුණ කර දෙයි. තවද නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් ගුණ ගරුකය; ඉවසිලිවන්තය.
عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْعَزِيزُ الْحَكِيمُ
(ඔහු) අදෘශ්‍යමාන දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ ව සර්ව ඥානීය. සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය.

Choose other languages: