Quran Apps in many lanuages:

Surah Ash-Shura Ayahs #36 Translated in Sinhalese

وَمِنْ آيَاتِهِ الْجَوَارِ فِي الْبَحْرِ كَالْأَعْلَامِ
තවද මහා කඳු මෙන් මුහුදෙහි ගමන් කරන යාත්රාද ඔහුගේ සංඥා අතරිනි.
إِنْ يَشَأْ يُسْكِنِ الرِّيحَ فَيَظْلَلْنَ رَوَاكِدَ عَلَىٰ ظَهْرِهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ
ඔහු අභිමත කරන්නේ නම් සුළඟ නවතාලයි. එවිට ඒ (මුහුද) මතු පිට ඒවා නිසංසල බවට පත් වනු ඇත. නියත වශයෙන්ම අධික ලෙස ගුණගරුක මහත් සේ ඉවසිලිවන්ත සියල්ලන් හට එහි සංඥා ඇත.
أَوْ يُوبِقْهُنَّ بِمَا كَسَبُوا وَيَعْفُ عَنْ كَثِيرٍ
එසේ නැතහොත් ඔවුන් (පාපතරයින්) උපයා ගත් දෑ හේතුවෙන් ඔහු ඒවා විනාශ කර දමනු ඇත. තවද ඔහු (පාපකම් අතරින්) බොහෝ දෑට සමාව දෙයි.
وَيَعْلَمَ الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِنَا مَا لَهُمْ مِنْ مَحِيصٍ
තවද අපගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් ගැන ඔහු දනී. ඔවුනට පලායන කිසිදු ස්ථානයක් නැත.
فَمَا أُوتِيتُمْ مِنْ شَيْءٍ فَمَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَمَا عِنْدَ اللَّهِ خَيْرٌ وَأَبْقَىٰ لِلَّذِينَ آمَنُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
එහෙයින් නුඹලාට යමක් දෙනු ලැබුවේ නම් එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමකි. නමුත් දේවත්වය විශ්වාස කොට ඔවුන්ගේ පරමාධිපති වෙත සියල්ල භාර කරන අයට අල්ලාහ් අබියස ඇති දෑ ශ්රේෂ්ඨය. තවද එය සදා පවතින්නකි.

Choose other languages: