Quran Apps in many lanuages:

Surah Ash-Shura Ayahs #39 Translated in Sinhalese

وَيَعْلَمَ الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِنَا مَا لَهُمْ مِنْ مَحِيصٍ
තවද අපගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් ගැන ඔහු දනී. ඔවුනට පලායන කිසිදු ස්ථානයක් නැත.
فَمَا أُوتِيتُمْ مِنْ شَيْءٍ فَمَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَمَا عِنْدَ اللَّهِ خَيْرٌ وَأَبْقَىٰ لِلَّذِينَ آمَنُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
එහෙයින් නුඹලාට යමක් දෙනු ලැබුවේ නම් එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමකි. නමුත් දේවත්වය විශ්වාස කොට ඔවුන්ගේ පරමාධිපති වෙත සියල්ල භාර කරන අයට අල්ලාහ් අබියස ඇති දෑ ශ්රේෂ්ඨය. තවද එය සදා පවතින්නකි.
وَالَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ وَإِذَا مَا غَضِبُوا هُمْ يَغْفِرُونَ
තවද ඔවුන් වනාහි බරපතළ පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකි සිටින්නන් වෙති. තවද කෝප වූ විට සමාව දෙන්නෝ ඔවුහුමය.
وَالَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَمْرُهُمْ شُورَىٰ بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිට පිළිතුරු දුන් අය වෙති. තවද සලාතය විධිමත් ව ඉටු කළ අය වෙති. තවද ඔවුන්ගේ කරුණු ඔවුන් අතර සාකච්ඡා මත පවතී. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති.
وَالَّذِينَ إِذَا أَصَابَهُمُ الْبَغْيُ هُمْ يَنْتَصِرُونَ
තවද ඔවුන් වනාහි ඔවුනට අසාධාරණයක් සිදු වූ විට ඔවුහු උදව් ලබන්නෝ වෙති.

Choose other languages: