Quran Apps in many lanuages:

Surah Ash-Shura Ayahs #31 Translated in Sinhalese

وَلَوْ بَسَطَ اللَّهُ الرِّزْقَ لِعِبَادِهِ لَبَغَوْا فِي الْأَرْضِ وَلَٰكِنْ يُنَزِّلُ بِقَدَرٍ مَا يَشَاءُ ۚ إِنَّهُ بِعِبَادِهِ خَبِيرٌ بَصِيرٌ
තවද අල්ලාහ් තම ගැත්තන්හට පෝෂණ සම්පත් විස්තීරණ කළේ නම් මහපොළොවෙහි ඔවුහු සීමාව ඉක්මවා යනු ඇත. නමුත් ඔහු අභිමත කරන ප්‍රමාණයක් පහළ කරයි. නියත වශයෙන්ම ඔහු තම ගැත්තන් පිළිබඳ ව අභිඥානවන්තය; සර්ව නිරීක්ෂකය.
وَهُوَ الَّذِي يُنَزِّلُ الْغَيْثَ مِنْ بَعْدِ مَا قَنَطُوا وَيَنْشُرُ رَحْمَتَهُ ۚ وَهُوَ الْوَلِيُّ الْحَمِيدُ
තවද ඔවුන් (මිනිසුන්) බලාපොරොත්තු සුන් කර ගත් පසු වර්ෂාව පහළ කරනුයේ ඔහුය. තවද ඔහුගේ කරුණාව ඔහු ව්‍යාප්ත කරයි. තවද ප්‍රශංසාලාභී භාරකරු ඔහුමය.
وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِنْ دَابَّةٍ ۚ وَهُوَ عَلَىٰ جَمْعِهِمْ إِذَا يَشَاءُ قَدِيرٌ
අහස් හා මහපොළොව මැවීමත් ඒ දෙකෙහි ජීවීන් විසිරුවා හැර තිබීමත් ඔහුගේ සංඥා අතරිනි. තවද ඔහු අභිමත කරන විට ඔවුන් රැස් කිරීමට ශක්තිය ඇත්තාය.
وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُو عَنْ كَثِيرٍ
තවද යම් දුර්භාග්යයක් නුඹලාට ඇති වූයේ ද එය නුඹලාගේ අත් ඉපැයූ දෑ හේතුවෙනි. තවද ඔහු (පාපකම් අතරින්) බොහෝ දෑට සමාව දෙයි.
وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ فِي الْأَرْضِ ۖ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ
තවද නුඹලා මහපොළොවේ (අල්ලාහ්ව) පරාජයට පත් කරන්නන් නොවේ. තවද අල්ලාහ්ගෙන් තොර ව නුඹලාට කිසිදු ආරක්ෂකයෙකු හෝ උදව් කරුවෙකු හෝ නැත.

Choose other languages: