Quran Apps in many lanuages:

Surah Ash-Shura Ayahs #29 Translated in Sinhalese

وَهُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَعْفُو عَنِ السَّيِّئَاتِ وَيَعْلَمُ مَا تَفْعَلُونَ
තවද ඔහු තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගන්නාය. තවද ඔහු පාපකම් වලට සමාව දෙයි. තවද නුඹලා සිදු කරන දෑ ඔහු දනී.
وَيَسْتَجِيبُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَيَزِيدُهُمْ مِنْ فَضْلِهِ ۚ وَالْكَافِرُونَ لَهُمْ عَذَابٌ شَدِيدٌ
විශ්වාස කොට යහකම් සිදු කළවුන්ට ඔහු පිළිතුරු දෙයි. තවද ඔහුගේ භාග්ය ඔහු ඔවුනට අධික කරයි. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වන ඔවුනට දැඩි දඬුවමක් ඇත.
وَلَوْ بَسَطَ اللَّهُ الرِّزْقَ لِعِبَادِهِ لَبَغَوْا فِي الْأَرْضِ وَلَٰكِنْ يُنَزِّلُ بِقَدَرٍ مَا يَشَاءُ ۚ إِنَّهُ بِعِبَادِهِ خَبِيرٌ بَصِيرٌ
තවද අල්ලාහ් තම ගැත්තන්හට පෝෂණ සම්පත් විස්තීරණ කළේ නම් මහපොළොවෙහි ඔවුහු සීමාව ඉක්මවා යනු ඇත. නමුත් ඔහු අභිමත කරන ප්‍රමාණයක් පහළ කරයි. නියත වශයෙන්ම ඔහු තම ගැත්තන් පිළිබඳ ව අභිඥානවන්තය; සර්ව නිරීක්ෂකය.
وَهُوَ الَّذِي يُنَزِّلُ الْغَيْثَ مِنْ بَعْدِ مَا قَنَطُوا وَيَنْشُرُ رَحْمَتَهُ ۚ وَهُوَ الْوَلِيُّ الْحَمِيدُ
තවද ඔවුන් (මිනිසුන්) බලාපොරොත්තු සුන් කර ගත් පසු වර්ෂාව පහළ කරනුයේ ඔහුය. තවද ඔහුගේ කරුණාව ඔහු ව්‍යාප්ත කරයි. තවද ප්‍රශංසාලාභී භාරකරු ඔහුමය.
وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِنْ دَابَّةٍ ۚ وَهُوَ عَلَىٰ جَمْعِهِمْ إِذَا يَشَاءُ قَدِيرٌ
අහස් හා මහපොළොව මැවීමත් ඒ දෙකෙහි ජීවීන් විසිරුවා හැර තිබීමත් ඔහුගේ සංඥා අතරිනි. තවද ඔහු අභිමත කරන විට ඔවුන් රැස් කිරීමට ශක්තිය ඇත්තාය.

Choose other languages: