Quran Apps in many lanuages:

Surah Ash-Shura Ayahs #14 Translated in Sinhalese

وَمَا اخْتَلَفْتُمْ فِيهِ مِنْ شَيْءٍ فَحُكْمُهُ إِلَى اللَّهِ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبِّي عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ
නුඹලා එහි කවර දෙයක් සම්බන්ධයෙන් මතභේද ඇති කරගත්තේ ද එහි තීන්දුව අල්ලාහ් වෙතය. එයයි මාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු කෙරෙහි මම භාර කළෙමි. තවද ඔහු වෙතම මම යොමු වෙමි (යැයි නබිවරය! නුඹ පවසනු).
فَاطِرُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ جَعَلَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا وَمِنَ الْأَنْعَامِ أَزْوَاجًا ۖ يَذْرَؤُكُمْ فِيهِ ۚ لَيْسَ كَمِثْلِهِ شَيْءٌ ۖ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ
(ඔහු) අහස් හා මහපොළොවේ නිර්මාපකය. නුඹලා සඳහා නුඹලා තුළින්ම යුගල ද එමෙන්ම ගොවිපළ සතුන් අතරින් යුගල ද ඔහු ඇති කළේය. එහි නුඹලා ව ඔහු බිහි කරයි. ඔහු මෙන් කිසිවෙක් නැත. තවද ඔහු සර්ව ශ්‍රාවකය; සර්ව නිරීක්ෂකය.
لَهُ مَقَالِيدُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
අහස් හා මහපොළොවේ (පෝෂණ සම්පත් හි) යතුරු ඔහු සතුය. ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්යාප්ත කරයි. තවද ඔහු සීමා ද කරයි. නියත වශයෙන්ම ඔහු සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
شَرَعَ لَكُمْ مِنَ الدِّينِ مَا وَصَّىٰ بِهِ نُوحًا وَالَّذِي أَوْحَيْنَا إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِ إِبْرَاهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰ ۖ أَنْ أَقِيمُوا الدِّينَ وَلَا تَتَفَرَّقُوا فِيهِ ۚ كَبُرَ عَلَى الْمُشْرِكِينَ مَا تَدْعُوهُمْ إِلَيْهِ ۚ اللَّهُ يَجْتَبِي إِلَيْهِ مَنْ يَشَاءُ وَيَهْدِي إِلَيْهِ مَنْ يُنِيبُ
කවර දෙයක් පිළිබඳ ව ඔහු නූහ්ට උපදෙස් දුන්නේ ද එය නුඹලාට ද ඔහු දහම්ගත කළේය. තවද නුඹ වෙත දන්වා සිටි දෑ ද ඉබ්රාහීම්, මූසා, ඊසාට අපි කවර දෙයක් උපදෙස් දුන්නේ ද එය ද වනාහි “නුඹලා දහම ඍජු ලෙස ස්ථාපිත කරනු, එහි නුඹලා වෙන් ව නොයනු” යනුවෙනි. නුඹ කවර දෙයක් වෙත ඔවුන් ඇරයුම් කරන්නේ ද එය ආදේශකයින්ට බැරූරැම් විය. තමන් අභිමත කරන අය අල්ලාහ් ඔහු වෙත තෝරා ගනී. තවද (පසුතැවිලි වී) හැරෙන අයට ඔහු වෙතට ඔහු මග පෙන්වයි.
وَمَا تَفَرَّقُوا إِلَّا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ إِلَىٰ أَجَلٍ مُسَمًّى لَقُضِيَ بَيْنَهُمْ ۚ وَإِنَّ الَّذِينَ أُورِثُوا الْكِتَابَ مِنْ بَعْدِهِمْ لَفِي شَكٍّ مِنْهُ مُرِيبٍ
තවද ඔවුන් වෙත ඥානය පැමිණීමෙන් පසු ව ඔවුන් අතර තිබූ ඊර්ෂ්යාව හේතුවෙන් මිස ඔවුහු (දහමෙහි) වෙන් ව නොගියෝය. තවද ඔබේ පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් නියමිත කාලයක් දක්වා පෙරටු නොවූයේ නම් ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද සැබැවින්ම ඔවුන්ගෙන් පසු ව ධර්ම ග්‍රන්ථය උරුම කර දෙනු ලැබූ අය ඒ පිළිබඳ ව අවිශ්වාසය ඇති කරන සැකයෙහි සිටිති.

Choose other languages: