Quran Apps in many lanuages:

Surah Ar-Rum Ayahs #53 Translated in Sinhalese

وَإِنْ كَانُوا مِنْ قَبْلِ أَنْ يُنَزَّلَ عَلَيْهِمْ مِنْ قَبْلِهِ لَمُبْلِسِينَ
තවද මීට පෙර ඔවුහු ඔවුන් වෙත පහළ කරනු ලැබීමට පෙර බලාපොරොත්තු සුන්වූවන් ලෙස සිටියහ.
فَانْظُرْ إِلَىٰ آثَارِ رَحْمَتِ اللَّهِ كَيْفَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ ذَٰلِكَ لَمُحْيِي الْمَوْتَىٰ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදයේ සලකුණු දෙස ඔබ අධීක්ෂණයෙන් බලනු. පොළොව මළ පසු ව එයට ඔහු ප්රාණය දෙනුයේ කෙසේ ද? නියත වශයෙන්ම ඔහු මළවුන්ට යළි ජීවය දෙන්නාය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
وَلَئِنْ أَرْسَلْنَا رِيحًا فَرَأَوْهُ مُصْفَرًّا لَظَلُّوا مِنْ بَعْدِهِ يَكْفُرُونَ
තවද අපි සුළඟ එවා ඔවුහු එය (අස්වැන්න) කහ පැහැගන්වන්නක් ලෙස දුටුව ද ඉන් පසු පවා ඔවුහු ප්‍රතික්ෂේප කරන්නට වූහ.
فَإِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَىٰ وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاءَ إِذَا وَلَّوْا مُدْبِرِينَ
(නබිවරය!) එහෙයින් ඔබ මළවුනට සවන් දෙන්නට සැලැස්විය නොහැක. තවද බිහිරන් පසුපසු හැරී ගිය විට ද එම ඇරයුම සවන් දෙන්නට සැලැස්විය නොහැක.
وَمَا أَنْتَ بِهَادِ الْعُمْيِ عَنْ ضَلَالَتِهِمْ ۖ إِنْ تُسْمِعُ إِلَّا مَنْ يُؤْمِنُ بِآيَاتِنَا فَهُمْ مُسْلِمُونَ
තවද අන්ධයින්ට ඔවුන්ගේ නොමග යෑමෙන් ඔබ මග පෙන්වන්නකු ලෙස නැත. අපගේ වදන් විශ්වාස කර අපට අවනත වූ අයට මිස ඔබ සවන් දෙන්නට සැලැස්විය නොහැක.

Choose other languages: