Surah An-Nisa Ayahs #95 Translated in Sinhalese
سَتَجِدُونَ آخَرِينَ يُرِيدُونَ أَنْ يَأْمَنُوكُمْ وَيَأْمَنُوا قَوْمَهُمْ كُلَّ مَا رُدُّوا إِلَى الْفِتْنَةِ أُرْكِسُوا فِيهَا ۚ فَإِنْ لَمْ يَعْتَزِلُوكُمْ وَيُلْقُوا إِلَيْكُمُ السَّلَمَ وَيَكُفُّوا أَيْدِيَهُمْ فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ ۚ وَأُولَٰئِكُمْ جَعَلْنَا لَكُمْ عَلَيْهِمْ سُلْطَانًا مُبِينًا
තවත් පිරිසක් නුඹලා මතුවට දකිනු ඇත. ඔවුහු නුඹලාගෙන් රැකවරණය පැතීමටත් (ඔබගේ ප්‍රතිවාදී) තම ජනයාගෙන් රැකවරණය පැතීමටත් අපේක්ෂා කරති. කලහකම් වෙත ඔවුන් ඇරයුම් කරනු ලබන සෑම විටකම ඔවුහු එහි දැඩි ව නියැළෙති. එබැවින් ඔවුන් නුඹලාගෙන් ඉවත් වී නුඹලා වෙත සාමය ඉදිරිපත් කර, ඔවුන්ගේ දෑත් නුඹලාගෙන් ඉවත් කර නොගත්තේ නම්, නුඹලා ඔවුන් ව හසු කර ගනු. තවද ඔවුන් දුටු තැන මරා දමනු. එවැන්නන්ට එරෙහි වීමට, අපි ප්‍රකට බලයක් නුඹලාට ඇති කළෙමු.
وَمَا كَانَ لِمُؤْمِنٍ أَنْ يَقْتُلَ مُؤْمِنًا إِلَّا خَطَأً ۚ وَمَنْ قَتَلَ مُؤْمِنًا خَطَأً فَتَحْرِيرُ رَقَبَةٍ مُؤْمِنَةٍ وَدِيَةٌ مُسَلَّمَةٌ إِلَىٰ أَهْلِهِ إِلَّا أَنْ يَصَّدَّقُوا ۚ فَإِنْ كَانَ مِنْ قَوْمٍ عَدُوٍّ لَكُمْ وَهُوَ مُؤْمِنٌ فَتَحْرِيرُ رَقَبَةٍ مُؤْمِنَةٍ ۖ وَإِنْ كَانَ مِنْ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِيثَاقٌ فَدِيَةٌ مُسَلَّمَةٌ إِلَىٰ أَهْلِهِ وَتَحْرِيرُ رَقَبَةٍ مُؤْمِنَةٍ ۖ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ تَوْبَةً مِنَ اللَّهِ ۗ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا
වැරදීමකින් මිස දේවත්වය විශ්වාස කළ අයකු ඝාතනය කිරීමට දේවත්වය විශ්වාස කළ අයකුට සුදුසු නොවීය. තවද කවරෙකු දේවත්වය විශ්වාස කළ අයකුව වැරැදීමකින් ඝාතනය කළේ ද එවිට ඔහු දේවත්වය විශ්වාස කළ වහලෙක් නිදහස් කළ යුතු අතර ඔහුගේ නිවැසියන්ට වන්දියක් ද පිරිනැමිය යුතු වේ. නමුත් ඔවුන් දානයක් ලෙස (එය) අතහැර දැමුවේ නම් මිස. ඔහු නුඹලාට සතුරු පිරිසකගෙන් කෙනෙකු වී ඔහු දේවත්වය විශ්වාස කරන අයෙකු ලෙස ද සිටී නම් දේවත්වය විශ්වාස කළ වහලෙක් නිදහස් කළ යුතුය. තවද ඔහු නුඹලා අතර ද තමන් අතර ද ගිවිසුමක් ඇති පිරිසකගෙන් කෙනෙකු වී නම් ඔහුගේ නිවැසියන්ට වන්දියක්ද පිරිනැමිය යුතු වේ. දේවත්වය විශ්වාස කළ වහලෙක් නිදහස් කළ යුතුය. තවද කවරෙකු (මේවා) නොලැබුවේද ඔහු අල්ලාහ්ගෙන් පාපක්ෂමාව ක් වශයෙන් අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතුය. තවද අල්ලාහ් සර්ව ඥානීය සර්ව ප්‍රඥාවන්තය.
وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللَّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا
කවරෙකු දේවත්වය විශ්වාස අයෙකුව උවමනාවෙන් ඝාතනය කරන්නේ ද එවිට ඔහුගේ ප්‍රතිවිපාකය නිරය වේ. එහි ඔහු සදාතනිකයකු වේ. තවද අල්ලාහ් ඔහු කෙරෙහි කෝප විය. තවද ඔහුට ශාප කළේය. තවද ඔහු වෙනුවෙන් අතිමහත් දඬුවමක් පිළියෙල කර ඇත්තේය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا ضَرَبْتُمْ فِي سَبِيلِ اللَّهِ فَتَبَيَّنُوا وَلَا تَقُولُوا لِمَنْ أَلْقَىٰ إِلَيْكُمُ السَّلَامَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَيَاةِ الدُّنْيَا فَعِنْدَ اللَّهِ مَغَانِمُ كَثِيرَةٌ ۚ كَذَٰلِكَ كُنْتُمْ مِنْ قَبْلُ فَمَنَّ اللَّهُ عَلَيْكُمْ فَتَبَيَّنُوا ۚ إِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ (යුද වැදීමට) ගිය විට (සතුරා කවුරුන්දැයි) පැහැදිලි කර ගනිවු. නුඹලාට සලාම් (සමාදානය) ඉදිරිපත් කළ අයට නුඹලා මෙලොව ජීවිතයේ සම්පත් සොයමින් ‘නුඹ දේවත්වය විශ්වාස කළ අයකු නොවේ’ යැයි නොපවසනු. අල්ලාහ් අබියස බොහෝ සම්පත් ඇත. මීට පෙර නුඹලා ද සිටියේ මෙලෙසමය. පසුව අල්ලාහ් නුඹලාට උපකාර කළේය. එබැවින් පැහැදිලි කර ගනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
لَا يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ غَيْرُ أُولِي الضَّرَرِ وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ ۚ فَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ عَلَى الْقَاعِدِينَ دَرَجَةً ۚ وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَىٰ ۚ وَفَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا
දේවත්වය විශ්වාස කළ අය අතරින් බාධක කරුණු ඇත්තන් හැර (සටනට නොගොස්) රැඳී සිටියවුන්, අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව ද තම ජීවිත ද කැප කළවුන්ට සමාන නොවන්නේය. (එසේ) රැඳී සිටියවුන්ට වඩා තම වස්තුව ද තම ජීවිත ද කැපකළවුන් ව අල්ලාහ් තරාතිරමින් උසස් කළේය. අල්ලාහ් සියල්ලන් හට යහපත දෙන බව පොරොන්දු වී ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ තම ජීවිතය කැපකළවුන්ව (සටනට නොගොස්) රැඳී සිටියවුන්ට වඩා, අල්ලාහ් අතිමහත් ප්‍රතිඵල වලින් උසස් කර ඇත.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
