Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #9 Translated in Sinhalese

4:5
وَلَا تُؤْتُوا السُّفَهَاءَ أَمْوَالَكُمُ الَّتِي جَعَلَ اللَّهُ لَكُمْ قِيَامًا وَارْزُقُوهُمْ فِيهَا وَاكْسُوهُمْ وَقُولُوا لَهُمْ قَوْلًا مَعْرُوفًا
තවද නුඹලා (විවාහ වන) කාන්තාවන්ට ඔවුන්ගේ (මහර් හෙවත් යුතුකමක් වශයෙන් පිරිනමන විවාහ) පරිත්‍යාග සිත් මනාපයෙන් පිරිනමනු. පසුව ඔවුන් ඉන් කිසිවක් නුඹලාට ස්වකැමැත්තෙන් පිරිනැමුවේ නම් එවිට නුඹලා එය සතුටින් හා (කිසිදු පීඩාවකින් තොරව) පහසුවෙන් අනුභව කරනු.
4:6
وَابْتَلُوا الْيَتَامَىٰ حَتَّىٰ إِذَا بَلَغُوا النِّكَاحَ فَإِنْ آنَسْتُمْ مِنْهُمْ رُشْدًا فَادْفَعُوا إِلَيْهِمْ أَمْوَالَهُمْ ۖ وَلَا تَأْكُلُوهَا إِسْرَافًا وَبِدَارًا أَنْ يَكْبَرُوا ۚ وَمَنْ كَانَ غَنِيًّا فَلْيَسْتَعْفِفْ ۖ وَمَنْ كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ ۚ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَالَهُمْ فَأَشْهِدُوا عَلَيْهِمْ ۚ وَكَفَىٰ بِاللَّهِ حَسِيبًا
අනාථයින් විවාහ වියට පත් වූ අනස්ථාවක ඔවුන් පරීක්ෂා කරනු. එවිට ඔවුන් අතුරින් (වගකීම් දරන) නිසි මඟක් දුටුවෙහු නම් ඔවුනට ඔවුන්ගේ වස්තුව නුඹලා බාර දෙනු. තවද ඔවුන් වැඩිවියට පත්වනු ඇතැයි ඉක්මන් හා නාස්තිකාර ලෙස ඒවා අනුභව නොකරනු. තවද කවරෙකු පොහොසතෙකු වූයේද ඔහු වැළකී සිටිය යුතුය. තවද කවරෙකු දිළිඳු වූයේ ද ඔහු යහ අයුරින් (සාධාරණ ලෙස) අනුභව කළ යුතු ය. නුඹලා ඔවුන්ගේ වස්තුව ඔවුනට පවරන විට ඔවුන් වෙත සාක්ෂිකරුවන් ඉදිරිපත් කරනු. ගිණුම් බලන්නෙක් වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.
4:7
لِلرِّجَالِ نَصِيبٌ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ وَلِلنِّسَاءِ نَصِيبٌ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ كَثُرَ ۚ نَصِيبًا مَفْرُوضًا
දෙමාපියන් හා සමීප ඥාතීන් අත හැර දමා ගිය දැයින් කොටසක් පිරිමි පාර්ශවයට ඇත. එමෙන් ම දෙමාපියන් හා සමීප ඥාතීන් අත හැර දමා ගිය දැයින් කොටසක් කාන්තා පාර්ශවයට ද ඇත. සුළු ප්‍රමාණයක් හෝ වැඩි ප්‍රමාණයක් හෝ වේවා එයින් නියම කරන ලද කොටසක් ඇත.
4:8
وَإِذَا حَضَرَ الْقِسْمَةَ أُولُو الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينُ فَارْزُقُوهُمْ مِنْهُ وَقُولُوا لَهُمْ قَوْلًا مَعْرُوفًا
බෙදීමේ දී (වස්තුවට උරුමකම් නොලබන) ඥාතීන්, අනාථයින්, දුගියන් පැමිණ සිටියේ නම් එවිට නුඹලා එයින් ඔවුන් ව පෝෂණය කරනු. තවද ප්‍රිය වදනින් ඔවුනට කතා කරනු.
4:9
وَلْيَخْشَ الَّذِينَ لَوْ تَرَكُوا مِنْ خَلْفِهِمْ ذُرِّيَّةً ضِعَافًا خَافُوا عَلَيْهِمْ فَلْيَتَّقُوا اللَّهَ وَلْيَقُولُوا قَوْلًا سَدِيدًا
තමන්ට පසුව දුර්වල පරපුරක් හැර දමා ගොස් ඔවුන් සම්බන්ධයෙන් බිය වන අය (අනාථයින් සම්බන්ධව ද) ඔවුන් බිය විය යුතුය. තවද අල්ලාහ්ට ඔවුන් බිය බැතිමත් විය යුතුය. තවද ඔවුන් පැහැදිලි වදනින් කතා කළ යුතුය.

Choose other languages: