Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #53 Translated in Sinhalese

أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُزَكُّونَ أَنْفُسَهُمْ ۚ بَلِ اللَّهُ يُزَكِّي مَنْ يَشَاءُ وَلَا يُظْلَمُونَ فَتِيلًا
ඔවුන් ඔවුන්වම පිවිතුරු කර ගන්නන් දෙස නුඹ නොබැලුවෙහි ද? එසේ නොව තමන් අභිමත කළ අයව පිවිතුරු කරනුයේ අල්ලාහ්ය. තවද ඉඳි ගෙඩියක සිවිය තරම් වුව ද ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලැබේ.
انْظُرْ كَيْفَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ ۖ وَكَفَىٰ بِهِ إِثْمًا مُبِينًا
අල්ලාහ් කෙරෙහි ඔවුන් බොරු ගොතනුයේ කෙසේ දැ යි නුඹ සැලකිල්ලෙන් බලනු. ප්‍රකට පාපයක් වශයෙන් එය ප්‍රමාණවත් විය.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يُؤْمِنُونَ بِالْجِبْتِ وَالطَّاغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُوا هَٰؤُلَاءِ أَهْدَىٰ مِنَ الَّذِينَ آمَنُوا سَبِيلًا
ධර්ම ග්‍රන්ථයෙන් කොටසක් දෙනු ලැබූවන් දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුහු මිථ්‍යාවන් සහ නපුරු බලවේගයන් විශ්වාස කරති. තවද “විශ්වාස කළවුන්ට වඩා (ප්‍රතික්ෂේප කළ) මොවුන් මාර්ගයෙන් ඉතා නිවැරදි” යැයි ඔවුහු ප්‍රතික්ෂේප කළවුනට පවසති.
أُولَٰئِكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ ۖ وَمَنْ يَلْعَنِ اللَّهُ فَلَنْ تَجِدَ لَهُ نَصِيرًا
අල්ලාහ් ශාප කළවුන් මොවූහමය. තවද අල්ලාහ් කවරෙකුට ශාප කරන්නේ ද එවිට ඔහු වෙනුවෙන් උදව් කරුවෙකු කිසිවිටක නුඹ නොදකින්නෙහිමය.
أَمْ لَهُمْ نَصِيبٌ مِنَ الْمُلْكِ فَإِذًا لَا يُؤْتُونَ النَّاسَ نَقِيرًا
එසේ නොමැති නම් ඔවුනට ආධිපත්‍යයෙන් කොටසක් හෝ තිබේ ද? එසේ තිබුණු විටෙක ජනයාට (එයින්) අල්පයක් හෝ ඔවුහු පිරි නොනමති.

Choose other languages: