Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #42 Translated in Sinhalese

وَالَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ ۗ وَمَنْ يَكُنِ الشَّيْطَانُ لَهُ قَرِينًا فَسَاءَ قَرِينًا
තවද, ජනයාට ප්‍රදර්ශනය කිරීම පිණිස තම ධනය වියදම් කර අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන ඔවුන් (ෂයිතාන්වරුන්ගේ මිතුරන්ය) ෂයිතාන් කවරකුගේ මිතුරෙකු වන්නේ ද ඔහු මිතුරෙකු වශයෙන් නපුරු විය.
وَمَاذَا عَلَيْهِمْ لَوْ آمَنُوا بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَأَنْفَقُوا مِمَّا رَزَقَهُمُ اللَّهُ ۚ وَكَانَ اللَّهُ بِهِمْ عَلِيمًا
ඔවුහු අල්ලාහ් ව ද අවසන් දිනය ද විශ්වාස කොට අල්ලාහ් ඔවුන්ට පෝෂණය කළ දැයින් වියදම් කළේ නම් ඔවුනට එරෙහිව පිහිටනුයේ කුමක් ද? තවද අල්ලාහ් ඔවුන් පිළිබඳ ව සර්වඥානී ය.
إِنَّ اللَّهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ ۖ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِنْ لَدُنْهُ أَجْرًا عَظِيمًا
සැබැවින්ම අල්ලාහ් අණුවක තරමක් වුව ද අපරාධයක් සිදු නොකරයි. එය යම් යහපතක් වූයේ නම් එය ඔහු ගුණ කරනු ඇත. තවද ඔහු වෙතින් අතිමහත් ප්‍රතිඵල ඔහු පිරිනමයි.
فَكَيْفَ إِذَا جِئْنَا مِنْ كُلِّ أُمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَىٰ هَٰؤُلَاءِ شَهِيدًا
සෑම සමූහයකින්ම අප සාක්ෂිකරුවෙකු ගෙන ආ විට මොවුන් ට එරෙහිව නුඹව සාක්ෂිකරුවෙකු වශයෙන් අප ගෙන ආවේ නම් (ප්‍රතික්ෂේප කළ වුන්ගේ තත්ත්වය) කෙසේ වන්නේ ද?
يَوْمَئِذٍ يَوَدُّ الَّذِينَ كَفَرُوا وَعَصَوُا الرَّسُولَ لَوْ تُسَوَّىٰ بِهِمُ الْأَرْضُ وَلَا يَكْتُمُونَ اللَّهَ حَدِيثًا
(අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කොට, රසූල්වරයාට පිටු පෑ අය වනාහි එදින ඔවුන් මහ පොළොව සමඟ සමතලා කරනු ලැබුවේ නම්! යැයි ප්‍රිය කරති. කිසිදු සිදුවීමක් ඔවුන් අල්ලාහ් හමුවෙහි වසන් නොකරනු ඇත.

Choose other languages: