Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #169 Translated in Sinhalese

رُسُلًا مُبَشِّرِينَ وَمُنْذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى اللَّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ ۚ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا
එම රසූල් වරුන්ට පසුව කිසිදු සාධකයක් අල්ලාහ්ට එරෙහි ව ජනයාට නොවනු පිණිස ඇතැම් රසූල්වරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙස සිටියහ. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත ය.
لَٰكِنِ اللَّهُ يَشْهَدُ بِمَا أَنْزَلَ إِلَيْكَ ۖ أَنْزَلَهُ بِعِلْمِهِ ۖ وَالْمَلَائِكَةُ يَشْهَدُونَ ۚ وَكَفَىٰ بِاللَّهِ شَهِيدًا
නමුත් නුඹ වෙත පහළ කළ දෑ ට අල්ලාහ් සාක්ෂි දරනු ඇත. එය ඔහුගේ අනු දැනුමෙන් පහළ කළේය. තවද මලාඉකාවරු ද සාක්ෂි දරති. සාක්ෂි දරන්නා වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.
إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ قَدْ ضَلُّوا ضَلَالًا بَعِيدًا
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර ක‍ළවුන් වනාහි සැබැවින්ම අන්ත මුළාවකින් මුළා වූහ.
إِنَّ الَّذِينَ كَفَرُوا وَظَلَمُوا لَمْ يَكُنِ اللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ طَرِيقًا
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට අපරාධ කළවුන් වනාහි ඔවුනට සමාව දීමට හෝ ඔවුන් ව යහමඟ යැවීමට හෝ අල්ලාහ්ට කිසිදු මඟක් නොවීය.
إِلَّا طَرِيقَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا
නිරයේ මාර්ගය මිස. ඔවුහු එහි නිරන්තරයෙන්ම සදාතනිකයින් වෙති. තවද අල්ලාහ්ට එය පහසු කාර්යයක් විය.

Choose other languages: