Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #154 Translated in Sinhalese

إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِاللَّهِ وَرُسُلِهِ وَيُرِيدُونَ أَنْ يُفَرِّقُوا بَيْنَ اللَّهِ وَرُسُلِهِ وَيَقُولُونَ نُؤْمِنُ بِبَعْضٍ وَنَكْفُرُ بِبَعْضٍ وَيُرِيدُونَ أَنْ يَتَّخِذُوا بَيْنَ ذَٰلِكَ سَبِيلًا
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් ප්‍රතික්ෂේප කර අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් අතර වෙනස්කම් කොට ඇතැමුන් ව අපි විශ්වාස කරමු. එමෙන්ම ඇතැමුන් ව අපි ප්‍රතික්ෂේප කරමු යැයි පවසා මේ (විශ්වාසය හා ප්‍රතික්ෂේපය) අතර මඟක් ගන්නට අපේක්ෂා කරන අය වනාහී…
أُولَٰئِكَ هُمُ الْكَافِرُونَ حَقًّا ۚ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُهِينًا
සැබෑ ලෙසින් ප්‍රතික්ෂේප කළවුන් මොවුහුමය. තවද අපි ප්‍රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු.
وَالَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ وَلَمْ يُفَرِّقُوا بَيْنَ أَحَدٍ مِنْهُمْ أُولَٰئِكَ سَوْفَ يُؤْتِيهِمْ أُجُورَهُمْ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا
අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් විශ්වාස කර ඔවුන්ගෙන් කිසිවෙකු අතර වෙනස් කම් නොකළවුන් වනාහ ඔවුන්ගේ ප්‍රතිඵල ඔහු ඔවුනට මතු පිරිනමනු ඇත. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
يَسْأَلُكَ أَهْلُ الْكِتَابِ أَنْ تُنَزِّلَ عَلَيْهِمْ كِتَابًا مِنَ السَّمَاءِ ۚ فَقَدْ سَأَلُوا مُوسَىٰ أَكْبَرَ مِنْ ذَٰلِكَ فَقَالُوا أَرِنَا اللَّهَ جَهْرَةً فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ بِظُلْمِهِمْ ۚ ثُمَّ اتَّخَذُوا الْعِجْلَ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ فَعَفَوْنَا عَنْ ذَٰلِكَ ۚ وَآتَيْنَا مُوسَىٰ سُلْطَانًا مُبِينًا
ධර්ම ග්‍රන්ථ ලද්දවුන් තමන් වෙත අහසින් ග්‍රන්ථයක් නුඹ පහළ කළ යුතු යැයි නුඹෙන් විමසා සිටිති. ඔවුහු මූසාගෙන් ද මීට වඩා බරතපතළ දෑ ඉල්ලා සිටියහ. ඔවුහු “අපට අල්ලාහ් ව ප්‍රසිද්ධියේ පෙන්වන්නැ”යි විමසා සිටියෝය. පසුව ඔවුන් කළ අපරාධ හේතුවෙන් ඔවුන් ව අකුණු හඬ හසුකර ගත්තේය. පසුව ඔවුන් තමන්ට පැහැදිලි සාධක පැමිණි පසුව වසු පැටවා (නැමදුමට) ගත්හ. අනතුරු ව අපි ඒ සඳහා සමාව දුනිමු. තවද අපි මූසාට පැහැදිලි සාධකයක් පිරිනැමුවෙමු.
وَرَفَعْنَا فَوْقَهُمُ الطُّورَ بِمِيثَاقِهِمْ وَقُلْنَا لَهُمُ ادْخُلُوا الْبَابَ سُجَّدًا وَقُلْنَا لَهُمْ لَا تَعْدُوا فِي السَّبْتِ وَأَخَذْنَا مِنْهُمْ مِيثَاقًا غَلِيظًا
තවද ඔවුන්ගෙන් ප්‍රතිඥාවක් ගැනීම සඳහා තූර් කන්ද ඔවුනට ඉහළින් අපි ඔසවා තැබුවෙමු. තවද හිස නමා දොරටුවෙන් ඇතුළු වනු යැයි අපි ඔවුනට පැවසුවෙමු. තවද සෙනසුරාදා සීමාව ඉක්මවා නොයනු යැයි ද අපි ඔවුනට පැවසුවෙමු. තවද අපි ඔවුන්ගෙන් ඉතා බලවත් ප්‍රතිඥාවක් ගත්තෙමු.

Choose other languages: