Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #16 Translated in Sinhalese

وَلَكُمْ نِصْفُ مَا تَرَكَ أَزْوَاجُكُمْ إِنْ لَمْ يَكُنْ لَهُنَّ وَلَدٌ ۚ فَإِنْ كَانَ لَهُنَّ وَلَدٌ فَلَكُمُ الرُّبُعُ مِمَّا تَرَكْنَ ۚ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصِينَ بِهَا أَوْ دَيْنٍ ۚ وَلَهُنَّ الرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِنْ لَمْ يَكُنْ لَكُمْ وَلَدٌ ۚ فَإِنْ كَانَ لَكُمْ وَلَدٌ فَلَهُنَّ الثُّمُنُ مِمَّا تَرَكْتُمْ ۚ مِنْ بَعْدِ وَصِيَّةٍ تُوصُونَ بِهَا أَوْ دَيْنٍ ۗ وَإِنْ كَانَ رَجُلٌ يُورَثُ كَلَالَةً أَوِ امْرَأَةٌ وَلَهُ أَخٌ أَوْ أُخْتٌ فَلِكُلِّ وَاحِدٍ مِنْهُمَا السُّدُسُ ۚ فَإِنْ كَانُوا أَكْثَرَ مِنْ ذَٰلِكَ فَهُمْ شُرَكَاءُ فِي الثُّلُثِ ۚ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصَىٰ بِهَا أَوْ دَيْنٍ غَيْرَ مُضَارٍّ ۚ وَصِيَّةً مِنَ اللَّهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَلِيمٌ
නුඹලාගේ බිරියන් හැර දමා ගිය දැයින් අඩක්, ඔවුනට දරුවෙකු නොමැති නම් නුඹලාට හිමි ය. නමුත් ඔවුනට දරුවෙකු සිටී නම් එවිට ඔවුන් උපදෙස් දුන් අන්තිම කැමැත්තට පසුව හා ණය පියවීමෙන් පසුව ඔවුන් හැර දමා ගිය දැයින් හතරෙන් එක් කොටසක් නුඹලාට හිමි ය. එමෙන් ම නුඹලාට දරුවෙකු නොසිටි නම්, නුඹලා හැර දමා ගිය දැයින් හතරෙන් එක් කොටසක් ඔවුනට හිමි ය. නමුත් නුඹලාට දරුවෙකු සිටී නම් එවිට නුඹලා කවර දෙයක් ගැන අන්තිම කැමැත්ත ප්‍රකාශ කරන්නේ ද ඉන් පසුව හා ණය පියවීමෙන් පසුව අටෙන් කොටසක් ඔවුනට හිමි ය. මිනිසෙකු හෝ කාන්තාවක් (දරුවන් හෝ දෙමාපියින් නොමැති) කලාලා නම් ගණයට අයත් කෙනෙකු වශයෙන් උරුමකම් පාන කෙනෙකු සිට ඔහුට සහෝදරයෙකු හෝ සහෝදරියක සිටී නම් ඔවුන් දෙදෙනාගෙන් එක් එක් කෙනෙකුට හයෙන් කොටසක් දිය යුතුය. නමුත් ඊට වඩා අධික ව ඔවුහු සිටියෙහු නම් එවිට ඔවුහු තුනෙන් කොටසකට හවුල්කරුවෝ වෙති. එය කවර දෙයක් ගැන අන්තිම ප්‍රකාශය කරනු ලබන්නේ ද එය හා ණය පිය වීමෙන් පසුව ය. (උරුම කරුවන් කිසිවෙකුට) හිංසාවක් නොවිය යුතුය. මෙය අල්ලාහ්ගේ උපදෙසකි. තවද අල්ලාහ් සර්ව ඥානීය; සෙනෙහෙවන්තය.
تِلْكَ حُدُودُ اللَّهِ ۚ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ
මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද ඔහු ව ඊට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඔහු ඇතුළත් කරයි. ඔවුහු එහි සදාතනිකයින් වෙති. ඉමහත් ජයග්‍රහණය එයයි.
وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُهِينٌ
තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටු පා ඔහුගේ සීමාවන් ඉක්මවා යන්නේ ද ඔහු ඔහු ව ගින්නට ඇතුළත් කරයි. එහි ඔහු සදාතනික ය. තවද ඔහුට නින්දා සහගත දඬුවමක් ඇත.
وَاللَّاتِي يَأْتِينَ الْفَاحِشَةَ مِنْ نِسَائِكُمْ فَاسْتَشْهِدُوا عَلَيْهِنَّ أَرْبَعَةً مِنْكُمْ ۖ فَإِنْ شَهِدُوا فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّىٰ يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللَّهُ لَهُنَّ سَبِيلًا
නුඹලාගේ කාන්තාවන් අතරින් ඇතැමුන් අශීලාචාර ක්‍රියාවක යෙදුනේ නම් එවිට ඔවුනට එරෙහිව නුඹලා අතරින් සිව් දෙනෙකු සාක්ෂි වශයෙන් ගෙන එනු. එසේ ඔවුන් සාක්ෂි පැවසුවේ නම් එවිට ඔවුනට (එම කාන්තාවන්ට) මරණය එළඹෙන තුරු හෝ ඔවුන් වෙනුවෙන් අල්ලාහ් යම් මඟක් ඇති කරන තුරු නිවෙස්හි ඔවුන් ව රඳවා තබනු.
وَاللَّذَانِ يَأْتِيَانِهَا مِنْكُمْ فَآذُوهُمَا ۖ فَإِنْ تَابَا وَأَصْلَحَا فَأَعْرِضُوا عَنْهُمَا ۗ إِنَّ اللَّهَ كَانَ تَوَّابًا رَحِيمًا
නුඹලා අතරින් අශීලාචාර ක්‍රියාවක යෙදුනු දෙදෙනෙකු ට නුඹලා දඬුවම් කරනු. පසුව ඔවුන් දෙදෙනා පශ්චාත්තාප වී හැඩ ගැසුනේ නම් එවිට නුඹලා ඔවුන් දෙදෙනා අත හැර දමනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී හා පරම කරුණාභරිත විය.

Choose other languages: