Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #118 Translated in Sinhalese

لَا خَيْرَ فِي كَثِيرٍ مِنْ نَجْوَاهُمْ إِلَّا مَنْ أَمَرَ بِصَدَقَةٍ أَوْ مَعْرُوفٍ أَوْ إِصْلَاحٍ بَيْنَ النَّاسِ ۚ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا
දානයක් ගැන හෝ යහපතක් ගැන හෝ ජනයා අතර සමාදානයක් ඇති කිරීම ගැන හෝ කවරෙකු විසින් විධානයක් කළේද ඔහුගෙන් හැර ඔවුන් අතර කෙරෙන රහස් කතාවන් බොහෝමයක යහපත නොමැත. කවරෙකු එය අල්ලාහ්ගේ තෘප්තිය බලා පොරොත්තුවෙන් සිදු කරන්නේ ද එවිට අපි ඔහුට අතිමහත් ප්‍රතිඵල මතුවට පිරිනමන්නෙමු.
وَمَنْ يُشَاقِقِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَىٰ وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّىٰ وَنُصْلِهِ جَهَنَّمَ ۖ وَسَاءَتْ مَصِيرًا
කවරෙකුට යහමඟ පැහැදිලි වූවායින් පසුව මෙම රසූල්වරයාට පිටු පා, දේවත්වය විශ්වාස කළවුන්ගේ මඟ හැර වෙනත් මඟක් අනුගමනය කරන්නේ ද, අපි ඔහු හැරී ගිය දෑ වෙතට ඔහු ව යොමු කරන්නෙමු. තවද ඔහු ව නිරයට ඇතුළත් කරන්නෙමු. නවාතැනින් එය නපුරු ස්ථානයක් විය.
إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَنْ يَشَاءُ ۚ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا
සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තැබීමට සමාව නොදෙන්නේය. ඒ හැර (අනෙකුත්) දෑ ට ඔහු අභිමත කළ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද සැබැවින්ම ඔහු අන්ත මුළාවකින් මුලා විය.
إِنْ يَدْعُونَ مِنْ دُونِهِ إِلَّا إِنَاثًا وَإِنْ يَدْعُونَ إِلَّا شَيْطَانًا مَرِيدًا
(අල්ලාහ් වන) ඔහුගෙන් තොරව දේවතාවන් ව මිස ඔවුහු අයැද සිටින්නේ නැත. තවද දූෂිත ෂෙයිතාන් ව මිස ඔවුහු අයැද සිටින්නේ නැත.
لَعَنَهُ اللَّهُ ۘ وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِيبًا مَفْرُوضًا
අල්ලාහ් ඔහුට (ෂෙයිතාන්ට) ශාප කළේය. එවිට "සැබැවින්ම මම නුඹගේ ගැත්තන් අතරින් නියමිත කොටසක් (ජය) ගනිමි" ඔහු යැයි පැවැසුවේය.

Choose other languages: