Quran Apps in many lanuages:

Surah An-Naml Ayahs #15 Translated in Sinhalese

إِلَّا مَنْ ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًا بَعْدَ سُوءٍ فَإِنِّي غَفُورٌ رَحِيمٌ
නමුත් අපරාධයක් සිදු කොට අනතුරු ව නපුරකින් පසු යහපතක් බවට (එය) පත් කළ අය හැර. එහෙයින් නියත වශයෙන්ම මම අතික්ෂමාශීලී මහා කරුණාන්විතයාණන් වෙමි.
وَأَدْخِلْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ ۖ فِي تِسْعِ آيَاتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ
තවද නුඹගේ අත නුඹගේ සාක්කුව තුළට දමනු. එවිට කිසිදු හානියකින් තොරව සුදුවන් ලෙසින් (බැබළෙමින්) එය පිටවනු ඇත. එය ෆිර්අවුන් හා ඔහුගේ ජනයා වෙත වූ ප්රාතිහාර්යයන් නවය අතර විය. නියත වශයෙන්ම ඔවුහු දුෂ්ට පිරිසක් වූහ.
فَلَمَّا جَاءَتْهُمْ آيَاتُنَا مُبْصِرَةً قَالُوا هَٰذَا سِحْرٌ مُبِينٌ
අපගේ සංඥාවන් ඔවුන් වෙත පෙනෙන්නට පැමිණි කල්හි මෙය පැහැදිලි මායාවක් යැයි ඔවුහු පැවසූහ.
وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنْفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا ۚ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ
තවද ඔවුන්ගේ ආත්මයන් එය පිළිගන්නා තත්ත්වයේ තිබියදීත් අසාධාරණ ලෙසින් හා පුහුමානයෙන් යුතු ව ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝය. එහෙයින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ අවධානයෙන් බලනු.
وَلَقَدْ آتَيْنَا دَاوُودَ وَسُلَيْمَانَ عِلْمًا ۖ وَقَالَا الْحَمْدُ لِلَّهِ الَّذِي فَضَّلَنَا عَلَىٰ كَثِيرٍ مِنْ عِبَادِهِ الْمُؤْمِنِينَ
තවද සැබැවින්ම අපි දාවූද් හා සුලෙයිමාන්ට ඥානය පිරිනැමුවෙමු. තවද ඔහුගේ ගැත්තන් අතරින් දේවත්වය විශ්වාස කරන බොහෝමයක් දෙනාට වඩා අප උසස් කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියෝය.

Choose other languages: