Quran Apps in many lanuages:

Surah An-Naml Ayahs #16 Translated in Sinhalese

وَأَدْخِلْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ ۖ فِي تِسْعِ آيَاتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ
තවද නුඹගේ අත නුඹගේ සාක්කුව තුළට දමනු. එවිට කිසිදු හානියකින් තොරව සුදුවන් ලෙසින් (බැබළෙමින්) එය පිටවනු ඇත. එය ෆිර්අවුන් හා ඔහුගේ ජනයා වෙත වූ ප්රාතිහාර්යයන් නවය අතර විය. නියත වශයෙන්ම ඔවුහු දුෂ්ට පිරිසක් වූහ.
فَلَمَّا جَاءَتْهُمْ آيَاتُنَا مُبْصِرَةً قَالُوا هَٰذَا سِحْرٌ مُبِينٌ
අපගේ සංඥාවන් ඔවුන් වෙත පෙනෙන්නට පැමිණි කල්හි මෙය පැහැදිලි මායාවක් යැයි ඔවුහු පැවසූහ.
وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنْفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا ۚ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ
තවද ඔවුන්ගේ ආත්මයන් එය පිළිගන්නා තත්ත්වයේ තිබියදීත් අසාධාරණ ලෙසින් හා පුහුමානයෙන් යුතු ව ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝය. එහෙයින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ අවධානයෙන් බලනු.
وَلَقَدْ آتَيْنَا دَاوُودَ وَسُلَيْمَانَ عِلْمًا ۖ وَقَالَا الْحَمْدُ لِلَّهِ الَّذِي فَضَّلَنَا عَلَىٰ كَثِيرٍ مِنْ عِبَادِهِ الْمُؤْمِنِينَ
තවද සැබැවින්ම අපි දාවූද් හා සුලෙයිමාන්ට ඥානය පිරිනැමුවෙමු. තවද ඔහුගේ ගැත්තන් අතරින් දේවත්වය විශ්වාස කරන බොහෝමයක් දෙනාට වඩා අප උසස් කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියෝය.
وَوَرِثَ سُلَيْمَانُ دَاوُودَ ۖ وَقَالَ يَا أَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنْطِقَ الطَّيْرِ وَأُوتِينَا مِنْ كُلِّ شَيْءٍ ۖ إِنَّ هَٰذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ
තවද සුලෙයිමාන් දාවුද්ට උරුමකම් පෑවේය. අහෝ ජනයිනි! කුරුලු බස අපට උගන්වනු ලැබීය. තවද සෑම දෙයකින්ම අපට පිරිනමනු ලැබීය. නියත වශයෙන්ම එය පැහැදිලි අනුග්‍රහයකි යැයි ඔහු (සුලෙයිමාන්) පැවසීය.

Choose other languages: