Quran Apps in many lanuages:

Surah An-Naml Ayahs #13 Translated in Sinhalese

يَا مُوسَىٰ إِنَّهُ أَنَا اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ
(එවිට) අහෝ මූසා! නියත වශයෙන්ම මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් මම වෙමි.
وَأَلْقِ عَصَاكَ ۚ فَلَمَّا رَآهَا تَهْتَزُّ كَأَنَّهَا جَانٌّ وَلَّىٰ مُدْبِرًا وَلَمْ يُعَقِّبْ ۚ يَا مُوسَىٰ لَا تَخَفْ إِنِّي لَا يَخَافُ لَدَيَّ الْمُرْسَلُونَ
තවද නුඹගේ සැරයටිය හෙළනු. එය සර්පයකු සේ නලියමින් සිටිනු ඔහු දුටු කල්හි පසුපස හැරී දිව්වේය. තවද ඔහු නැවත හැරී නොබැලුවේය. අහෝ මූසා! නුඹ බිය නොවනු. නියත වශයෙන්ම මම වනාහි, මා ඉදිරියේ ධර්ම දූතයෝ බිය නොවෙති.
إِلَّا مَنْ ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًا بَعْدَ سُوءٍ فَإِنِّي غَفُورٌ رَحِيمٌ
නමුත් අපරාධයක් සිදු කොට අනතුරු ව නපුරකින් පසු යහපතක් බවට (එය) පත් කළ අය හැර. එහෙයින් නියත වශයෙන්ම මම අතික්ෂමාශීලී මහා කරුණාන්විතයාණන් වෙමි.
وَأَدْخِلْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ ۖ فِي تِسْعِ آيَاتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ
තවද නුඹගේ අත නුඹගේ සාක්කුව තුළට දමනු. එවිට කිසිදු හානියකින් තොරව සුදුවන් ලෙසින් (බැබළෙමින්) එය පිටවනු ඇත. එය ෆිර්අවුන් හා ඔහුගේ ජනයා වෙත වූ ප්රාතිහාර්යයන් නවය අතර විය. නියත වශයෙන්ම ඔවුහු දුෂ්ට පිරිසක් වූහ.
فَلَمَّا جَاءَتْهُمْ آيَاتُنَا مُبْصِرَةً قَالُوا هَٰذَا سِحْرٌ مُبِينٌ
අපගේ සංඥාවන් ඔවුන් වෙත පෙනෙන්නට පැමිණි කල්හි මෙය පැහැදිලි මායාවක් යැයි ඔවුහු පැවසූහ.

Choose other languages: