Surah An-Nahl Ayahs #95 Translated in Sinhalese
وَأَوْفُوا بِعَهْدِ اللَّهِ إِذَا عَاهَدْتُمْ وَلَا تَنْقُضُوا الْأَيْمَانَ بَعْدَ تَوْكِيدِهَا وَقَدْ جَعَلْتُمُ اللَّهَ عَلَيْكُمْ كَفِيلًا ۚ إِنَّ اللَّهَ يَعْلَمُ مَا تَفْعَلُونَ
තවද නුඹලා ගිවිස ගත් විට අල්ලාහ්ගේ ගිවිසුම නුඹලා පූර්ණ ව ඉටු කරනු. තවද නුඹලා වෙත භාරකරු වශයෙන් නුඹලා අල්ලාහ් ව පත් කර තිබිය දී නුඹලා එය තහවුරු කිරීමෙන් පසු ව කඩ නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ දනී.
وَلَا تَكُونُوا كَالَّتِي نَقَضَتْ غَزْلَهَا مِنْ بَعْدِ قُوَّةٍ أَنْكَاثًا تَتَّخِذُونَ أَيْمَانَكُمْ دَخَلًا بَيْنَكُمْ أَنْ تَكُونَ أُمَّةٌ هِيَ أَرْبَىٰ مِنْ أُمَّةٍ ۚ إِنَّمَا يَبْلُوكُمُ اللَّهُ بِهِ ۚ وَلَيُبَيِّنَنَّ لَكُمْ يَوْمَ الْقِيَامَةِ مَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ
තවද ශක්තිමත් ව ගෙතුවායින් පසුව එම ගෙතුම කැබලි වලට කඩා දමන්නියක් ලෙස නුඹලා නොවනු. එක් සමූහයකට වඩා තවත් සමූහයකට වාසිදායී වන අයුරින් නුඹලාගේ දිවුරුම් නුඹලා අතර ප්‍රවේශයක් වශයෙන් නුඹලා ගත්තෙහුය. එමගින් අල්ලාහ් නුඹලා ව පරීක්ෂා කරනු ඇත. තවද නුඹලා කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තේ ද එය මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ ඔහු නුඹලාට පැහැදිලි කරනු ඇත.
وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَٰكِنْ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۚ وَلَتُسْأَلُنَّ عَمَّا كُنْتُمْ تَعْمَلُونَ
තවද අල්ලාහ් අභිමත කර ඇත්නම් එකම සමූහයක් බවට නුඹලා ව පත් කරන්නට තිබුණි. එනමුත් ඔහු අභිමත කරන අය ව නොමඟ යන්නට ඉඩ හරී. තවද ඔහු අභිමත කරන අය ව යහ මග යොමු කරයි. තවද නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව සැබැවින්ම නුඹලා ප්‍රශ්න කරනු ලබන්නෙහුය.
وَلَا تَتَّخِذُوا أَيْمَانَكُمْ دَخَلًا بَيْنَكُمْ فَتَزِلَّ قَدَمٌ بَعْدَ ثُبُوتِهَا وَتَذُوقُوا السُّوءَ بِمَا صَدَدْتُمْ عَنْ سَبِيلِ اللَّهِ ۖ وَلَكُمْ عَذَابٌ عَظِيمٌ
තවද නුඹලාගේ දිවුරුම් (වංචා සහගත ලෙස) නුඹලා අතර ප්‍රවේශයක් වශයෙන් නුඹලා නොගනු. එවිට නුඹලාගේ පාද එය ස්ථීර ව තැබූ පසු ව ලිස්සා යනු ඇත. තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කළ බැවින් නුඹලා නපුර භුක්ති විඳිනු ඇත. තවද නුඹලාට අතිමහත් දඬුවමක් ඇත.
وَلَا تَشْتَرُوا بِعَهْدِ اللَّهِ ثَمَنًا قَلِيلًا ۚ إِنَّمَا عِنْدَ اللَّهِ هُوَ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ
තවද අල්ලාහ්ගේ ගිවිසුම අල්ප මිලකට නොවිකුණනු. නුඹලා දැන සිටියෙහු නම් නියත වශයෙන්ම අල්ලාහ් සතුව ඇති දෙයමය නුඹලාට වඩාත් උතුම් වනුයේ.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
