Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #97 Translated in Sinhalese

وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَٰكِنْ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۚ وَلَتُسْأَلُنَّ عَمَّا كُنْتُمْ تَعْمَلُونَ
තවද අල්ලාහ් අභිමත කර ඇත්නම් එකම සමූහයක් බවට නුඹලා ව පත් කරන්නට තිබුණි. එනමුත් ඔහු අභිමත කරන අය ව නොමඟ යන්නට ඉඩ හරී. තවද ඔහු අභිමත කරන අය ව යහ මග යොමු කරයි. තවද නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව සැබැවින්ම නුඹලා ප්‍රශ්න කරනු ලබන්නෙහුය.
وَلَا تَتَّخِذُوا أَيْمَانَكُمْ دَخَلًا بَيْنَكُمْ فَتَزِلَّ قَدَمٌ بَعْدَ ثُبُوتِهَا وَتَذُوقُوا السُّوءَ بِمَا صَدَدْتُمْ عَنْ سَبِيلِ اللَّهِ ۖ وَلَكُمْ عَذَابٌ عَظِيمٌ
තවද නුඹලාගේ දිවුරුම් (වංචා සහගත ලෙස) නුඹලා අතර ප්‍රවේශයක් වශයෙන් නුඹලා නොගනු. එවිට නුඹලාගේ පාද එය ස්ථීර ව තැබූ පසු ව ලිස්සා යනු ඇත. තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කළ බැවින් නුඹලා නපුර භුක්ති විඳිනු ඇත. තවද නුඹලාට අතිමහත් දඬුවමක් ඇත.
وَلَا تَشْتَرُوا بِعَهْدِ اللَّهِ ثَمَنًا قَلِيلًا ۚ إِنَّمَا عِنْدَ اللَّهِ هُوَ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ
තවද අල්ලාහ්ගේ ගිවිසුම අල්ප මිලකට නොවිකුණනු. නුඹලා දැන සිටියෙහු නම් නියත වශයෙන්ම අල්ලාහ් සතුව ඇති දෙයමය නුඹලාට වඩාත් උතුම් වනුයේ.
مَا عِنْدَكُمْ يَنْفَدُ ۖ وَمَا عِنْدَ اللَّهِ بَاقٍ ۗ وَلَنَجْزِيَنَّ الَّذِينَ صَبَرُوا أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ
නුඹලා සතු ඇති දෑ ශූන්‍ය වී යනු ඇත. නමුත් අල්ලාහ් සතු ඇති දෑ ඉතිරි ව පවතින්නකි. ඉවසා දරා ගත් අයට ඔවුන් සිදුකරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි පිරිනමන්නෙමු.
مَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً ۖ وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ
යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් අපි ඔහුට උදා කරන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි ඔවුනට පිරිනමන්නෙමු.

Choose other languages: