Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #93 Translated in Sinhalese

وَيَوْمَ نَبْعَثُ فِي كُلِّ أُمَّةٍ شَهِيدًا عَلَيْهِمْ مِنْ أَنْفُسِهِمْ ۖ وَجِئْنَا بِكَ شَهِيدًا عَلَىٰ هَٰؤُلَاءِ ۚ وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَىٰ لِلْمُسْلِمِينَ
තවද එම දිනයේදී සෑම සමූහයකටම ඔවුනට එරෙහි ව සාක්ෂිකරුවකු ඔවුන් අතරින් නැගිටුවන්නෙමු. මොවුනට (මෙම සමූහයාට) එරෙහි ව අපි නුඹ ව සාක්ෂිකරුවකු වශයෙන් ගෙන එන්නෙමු. තවද සියලු දෑ පැහැදිලි කරන්නක් වශයෙන් ද මග පෙන්වීමක් වශයෙන් ද ආශිර්වාදයක් වශයෙන් ද (අල්ලාහ්ට) අවනත වන අයට ශුභාරංචි දන්වන්නක් වශයෙන් ද ධර්ම ග්‍රන්ථය අපි නුඹ වෙත පහළ කළෙමු.
إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَالْبَغْيِ ۚ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ
නියත වශයෙන්ම අල්ලාහ් යුක්තිය ඉටු කරන ලෙස ද කාරුණිකත්වය පෙන්වන ලෙස ද සමීප ඥාතීන්ට පිරිනැමීමට ද නියෝග කරයි. එමෙන්ම අශික්ෂිත දැයින් ද පිළිකුල් සහගත දැයින් ද අපරාධකාරී දැයින් ද ඔහු වළක්වයි. තවද නුඹලා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස ඔහු නුඹලාට උපදෙස් දෙයි.
وَأَوْفُوا بِعَهْدِ اللَّهِ إِذَا عَاهَدْتُمْ وَلَا تَنْقُضُوا الْأَيْمَانَ بَعْدَ تَوْكِيدِهَا وَقَدْ جَعَلْتُمُ اللَّهَ عَلَيْكُمْ كَفِيلًا ۚ إِنَّ اللَّهَ يَعْلَمُ مَا تَفْعَلُونَ
තවද නුඹලා ගිවිස ගත් විට අල්ලාහ්ගේ ගිවිසුම නුඹලා පූර්ණ ව ඉටු කරනු. තවද නුඹලා වෙත භාරකරු වශයෙන් නුඹලා අල්ලාහ් ව පත් කර තිබිය දී නුඹලා එය තහවුරු කිරීමෙන් පසු ව කඩ නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ දනී.
وَلَا تَكُونُوا كَالَّتِي نَقَضَتْ غَزْلَهَا مِنْ بَعْدِ قُوَّةٍ أَنْكَاثًا تَتَّخِذُونَ أَيْمَانَكُمْ دَخَلًا بَيْنَكُمْ أَنْ تَكُونَ أُمَّةٌ هِيَ أَرْبَىٰ مِنْ أُمَّةٍ ۚ إِنَّمَا يَبْلُوكُمُ اللَّهُ بِهِ ۚ وَلَيُبَيِّنَنَّ لَكُمْ يَوْمَ الْقِيَامَةِ مَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ
තවද ශක්තිමත් ව ගෙතුවායින් පසුව එම ගෙතුම කැබලි වලට කඩා දමන්නියක් ලෙස නුඹලා නොවනු. එක් සමූහයකට වඩා තවත් සමූහයකට වාසිදායී වන අයුරින් නුඹලාගේ දිවුරුම් නුඹලා අතර ප්‍රවේශයක් වශයෙන් නුඹලා ගත්තෙහුය. එමගින් අල්ලාහ් නුඹලා ව පරීක්ෂා කරනු ඇත. තවද නුඹලා කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තේ ද එය මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ ඔහු නුඹලාට පැහැදිලි කරනු ඇත.
وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَٰكِنْ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۚ وَلَتُسْأَلُنَّ عَمَّا كُنْتُمْ تَعْمَلُونَ
තවද අල්ලාහ් අභිමත කර ඇත්නම් එකම සමූහයක් බවට නුඹලා ව පත් කරන්නට තිබුණි. එනමුත් ඔහු අභිමත කරන අය ව නොමඟ යන්නට ඉඩ හරී. තවද ඔහු අභිමත කරන අය ව යහ මග යොමු කරයි. තවද නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව සැබැවින්ම නුඹලා ප්‍රශ්න කරනු ලබන්නෙහුය.

Choose other languages: