Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #55 Translated in Sinhalese

وَقَالَ اللَّهُ لَا تَتَّخِذُوا إِلَٰهَيْنِ اثْنَيْنِ ۖ إِنَّمَا هُوَ إِلَٰهٌ وَاحِدٌ ۖ فَإِيَّايَ فَارْهَبُونِ
තවද නුඹලා දෙවියන් දෙදෙනෙකු වශයෙන් නොගනු. නියත වශයෙන්ම ඔහු එකම දෙවිඳාය. එබැවින් මට ම නුඹලා බිය වනු යැයි අල්ලාහ් පැවසුවේය.
وَلَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَهُ الدِّينُ وَاصِبًا ۚ أَفَغَيْرَ اللَّهِ تَتَّقُونَ
තවද අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සතුය. තවද සදා අවනතභාවය ද ඔහු සතුය. එහෙයින් නුඹලා අල්ලාහ් නොවන දෑට බිය බැතිමත් වන්නෙහු ද?
وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللَّهِ ۖ ثُمَّ إِذَا مَسَّكُمُ الضُّرُّ فَإِلَيْهِ تَجْأَرُونَ
තවද නුඹලාට කවර හෝ ආශිර්වාදයක් වී නම් එය අල්ලාහ්ගෙනි. පසු ව නුඹලාට යම් හානියක් අත් වූ විට නුඹලා විලාප නගනුයේ ඔහු වෙතමය.
ثُمَّ إِذَا كَشَفَ الضُّرَّ عَنْكُمْ إِذَا فَرِيقٌ مِنْكُمْ بِرَبِّهِمْ يُشْرِكُونَ
පසුව නුඹලාගෙන් එම හානිය ඔහු ඉවත් කළ විට, එම අවස්ථාවේ නුඹලා අතරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ කරති.
لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ ۚ فَتَمَتَّعُوا ۖ فَسَوْفَ تَعْلَمُونَ
අපි ඔවුනට පිරිනැමූ දෑ ඔවුන් ප්‍රතික්ෂේප කරනු පිණිසය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. නුඹලා මතු දැන ගනු ඇත.

Choose other languages: