Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #58 Translated in Sinhalese

ثُمَّ إِذَا كَشَفَ الضُّرَّ عَنْكُمْ إِذَا فَرِيقٌ مِنْكُمْ بِرَبِّهِمْ يُشْرِكُونَ
පසුව නුඹලාගෙන් එම හානිය ඔහු ඉවත් කළ විට, එම අවස්ථාවේ නුඹලා අතරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ කරති.
لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ ۚ فَتَمَتَّعُوا ۖ فَسَوْفَ تَعْلَمُونَ
අපි ඔවුනට පිරිනැමූ දෑ ඔවුන් ප්‍රතික්ෂේප කරනු පිණිසය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. නුඹලා මතු දැන ගනු ඇත.
وَيَجْعَلُونَ لِمَا لَا يَعْلَمُونَ نَصِيبًا مِمَّا رَزَقْنَاهُمْ ۗ تَاللَّهِ لَتُسْأَلُنَّ عَمَّا كُنْتُمْ تَفْتَرُونَ
තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් කොටසක් ඔවුන් නොදන්නා දෑට තබති. අල්ලාහ් මත දිවුරමින් නුඹලා ගොතමින් සිටි දෑ පිළිබඳ ව නියත වශයෙන්ම නුඹලා විමසනු ලබනු ඇත.
وَيَجْعَلُونَ لِلَّهِ الْبَنَاتِ سُبْحَانَهُ ۙ وَلَهُمْ مَا يَشْتَهُونَ
තවද අල්ලාහ්ට දූවරුන් පත් කොට ඔවුනට ඔවුන් ප්‍රිය කරන දෑ (පුතුන්) පත් කර ගනිති. (ඔවුන් සිතන දැයින්) ඔහු සුවිශුද්ධය.
وَإِذَا بُشِّرَ أَحَدُهُمْ بِالْأُنْثَىٰ ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ
තවද ඔවුන්ගෙන් එක් අයකුට ගැහැනු දරුවකු පිළිබඳ ශුභාරංචි දන්වනු ලැබුවේ නම් ඔහු කෝපයට පත්වෙමින් ඔහුගේ මුහුණ කළු පැහැ වනු ඇත.

Choose other languages: