Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #50 Translated in Sinhalese

أَوْ يَأْخُذَهُمْ فِي تَقَلُّبِهِمْ فَمَا هُمْ بِمُعْجِزِينَ
එසේ නොමැති නම් ඔවුන් සැරිසැරීමේ දී ඔවුන් ව ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භිය ව සිටිත් ද?) තවද ඔවුන් (අල්ලාහ් ව) නොහැකියාවට පත් කරන්නන් නොවෙති.
أَوْ يَأْخُذَهُمْ عَلَىٰ تَخَوُّفٍ فَإِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَحِيمٌ
එසේ නොමැති නම් බියෙන් පසුවෙමින් සිටිය දී ඔහු ඔවුන් ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භිය ව සිටිත් ද?) නමුත් නුඹගේ පරමාධිපති මහත් සෙනෙහෙවන්තය; මහා කරුණා ගුණයෙන් යුක්තය.
أَوَلَمْ يَرَوْا إِلَىٰ مَا خَلَقَ اللَّهُ مِنْ شَيْءٍ يَتَفَيَّأُ ظِلَالُهُ عَنِ الْيَمِينِ وَالشَّمَائِلِ سُجَّدًا لِلَّهِ وَهُمْ دَاخِرُونَ
අල්ලාහ් කවර දෙයක් මැව්වේ ද (ඒ) කිසිවක් දෙස ඔවුහු අවධානයෙන් නොබැලුවෝ ද? එහි සෙවණැල්ල දකුණතට හා වම්පැති වලට නැඹුරු වී යටහත් පහත් ව අල්ලාහ්ට සිරස නමා වැඳ වැටෙයි.
وَلِلَّهِ يَسْجُدُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مِنْ دَابَّةٍ وَالْمَلَائِكَةُ وَهُمْ لَا يَسْتَكْبِرُونَ
තවද ජීවීන්ගෙන් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ ද මලක්වරුන්ද අල්ලාහ්ට සුජූද් කරති. තවද ඔවුහු උඩඟු නොවෙති.
يَخَافُونَ رَبَّهُمْ مِنْ فَوْقِهِمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ ۩
ඔවුනට ඉහළින් සිටින ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු බිය වෙති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු සිදු කරති.

Choose other languages: