Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #32 Translated in Sinhalese

الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلَائِكَةُ ظَالِمِي أَنْفُسِهِمْ ۖ فَأَلْقَوُا السَّلَمَ مَا كُنَّا نَعْمَلُ مِنْ سُوءٍ ۚ بَلَىٰ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا كُنْتُمْ تَعْمَلُونَ
ඔවුන් වනාහි තමන් විසින්ම තමන්ට අපරාධ කරමින් සිටිය දී සුරදූතයින් ඔවුන් ව මරණයට පත් කළ අය වෙති. එවිට ඔවුන් (සුරදූතයින් වෙත) "අපි කිසිදු නපුරක් නොකළෙමු" යැයි පවසමින් යටහත්භාවය ඉදිරිපත් කරති. එසේ නොව නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය.
فَادْخُلُوا أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۖ فَلَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ
එහෙයින් නුඹලා නිරයේ දොරටු වලින් එහි සදාතනිකයින් ලෙස ඇතුලු වනු. එවිට එම අහංකාරයින්ගේ නවාතැන සැබැවින්ම නපුරු විය.
وَقِيلَ لِلَّذِينَ اتَّقَوْا مَاذَا أَنْزَلَ رَبُّكُمْ ۚ قَالُوا خَيْرًا ۗ لِلَّذِينَ أَحْسَنُوا فِي هَٰذِهِ الدُّنْيَا حَسَنَةٌ ۚ وَلَدَارُ الْآخِرَةِ خَيْرٌ ۚ وَلَنِعْمَ دَارُ الْمُتَّقِينَ
තවද නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක්දැයි බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුන්ගෙන් විමසනු ලැබීය. යහපතය යැයි ඔවුහු පැවසූහ. දැහැමි දෑ කළවුනට මෙලොවෙහි යහපත ඇත. එමෙන්ම මතු ලොව නිවහන උතුම්ය. තවද බිය බැතිමතුන්ගේ නිවහන යහපත් විය.
جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۖ لَهُمْ فِيهَا مَا يَشَاءُونَ ۚ كَذَٰلِكَ يَجْزِي اللَّهُ الْمُتَّقِينَ
අද්න් (නම් සදා ස්ථීරව පවතින ස්වර්ග) උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. ඔවුන් අභිමත කරන දෑ එහි ඔවුනට ඇත. බිය බැතිමතුන්හට අල්ලාහ් ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය
الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلَائِكَةُ طَيِّبِينَ ۙ يَقُولُونَ سَلَامٌ عَلَيْكُمُ ادْخُلُوا الْجَنَّةَ بِمَا كُنْتُمْ تَعْمَلُونَ
ඔවුන් වනාහි ඔවුන් දැහැමියන්ව සිටිය දී මලක්වරුන් ඔවුන්ගේ ප්‍රාණය අත්පත් කර ගන්නා අය වෙති. නුඹලාට සලාම් (ශාන්තිය) අත්වේවා! නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් (ස්වර්ග) උයනට නුඹලා පිවිසෙනු යැයි ඔවුහු පවසති.

Choose other languages: