Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #111 Translated in Sinhalese

ذَٰلِكَ بِأَنَّهُمُ اسْتَحَبُّوا الْحَيَاةَ الدُّنْيَا عَلَى الْآخِرَةِ وَأَنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
එය ඔවුහු මතුලොවට වඩා මෙලොව ජීවිතය ප්‍රිය කළ බැවිනි. තවද නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන ජනයාට අල්ලාහ් මග නොපෙන්වයි.
أُولَٰئِكَ الَّذِينَ طَبَعَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَسَمْعِهِمْ وَأَبْصَارِهِمْ ۖ وَأُولَٰئِكَ هُمُ الْغَافِلُونَ
ඔවුහු වනාහි අල්ලාහ් ඔවුන්ගේ හදවත්, ඔවුන්ගේ සවන් හා ඔවුන්ගේ බැල්ම මත මුද්‍රා තැබුවේය. තවද ඔවුහුමය අනවධානී ව සිටින්නෝ.
لَا جَرَمَ أَنَّهُمْ فِي الْآخِرَةِ هُمُ الْخَاسِرُونَ
නියත වශයෙන්ම මතුලොවෙහි පරාජිතයෝ ඔවුහුමය යන්නට කිසිදු සැකයක් නොමැත.
ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُوا مِنْ بَعْدِ مَا فُتِنُوا ثُمَّ جَاهَدُوا وَصَبَرُوا إِنَّ رَبَّكَ مِنْ بَعْدِهَا لَغَفُورٌ رَحِيمٌ
තවද ඔවුන් පරීක්ෂාවට ලක් කරනු ලැබූ පසුව නික්ම ගොස් (තම ජීවිත) කැප කොට ඉවසා දරා ගත්තවුනට නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති සිටී. ඉන්පසු ව නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති අති ක්ෂමාශීලීය; මහා කරුණා ගුණයෙන් යුක්තය.
يَوْمَ تَأْتِي كُلُّ نَفْسٍ تُجَادِلُ عَنْ نَفْسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفْسٍ مَا عَمِلَتْ وَهُمْ لَا يُظْلَمُونَ
එදින සෑම ආත්මයක්ම තමන් ගැන වාද කරමින් පැමිණෙති. තවද සෑම ආත්මයක්ම තමන් කළ දෑට පූර්ණ ව ප්‍රතිඵල දෙනු ලබති. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.

Choose other languages: