Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #46 Translated in Sinhalese

وَأَتْبَعْنَاهُمْ فِي هَٰذِهِ الدُّنْيَا لَعْنَةً ۖ وَيَوْمَ الْقِيَامَةِ هُمْ مِنَ الْمَقْبُوحِينَ
තවද මෙලොවෙහි ශාපය අපි ඔවුන් වෙත අඛන්ඩව යැව්වෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු පහත් කොට සළකනු ලබන්නන් අතරින් වෙති.
وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ مِنْ بَعْدِ مَا أَهْلَكْنَا الْقُرُونَ الْأُولَىٰ بَصَائِرَ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةً لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
තවද මුල් පරම්පරාවන් අප විනාශ කිරීමෙන් පසු ව මිනිසා උපදෙස් ලැබිය හැකි වනු පිණිස ඔහුට සාධක වශයෙන් ද මගපෙන්වීමක් හා දයාවක් වශයෙන් ද සැබැවින්ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු.
وَمَا كُنْتَ بِجَانِبِ الْغَرْبِيِّ إِذْ قَضَيْنَا إِلَىٰ مُوسَى الْأَمْرَ وَمَا كُنْتَ مِنَ الشَّاهِدِينَ
(නබිවරය!) මූසාට නියෝගය අප තීන්දු කළ අවස්ථාවේ ඔබ බටහිර දෙසෙහි නොසිටියෙහිය. තවද ඔබ සාක්ෂිකරුවන් අතරින් ද නොවීය.
وَلَٰكِنَّا أَنْشَأْنَا قُرُونًا فَتَطَاوَلَ عَلَيْهِمُ الْعُمُرُ ۚ وَمَا كُنْتَ ثَاوِيًا فِي أَهْلِ مَدْيَنَ تَتْلُو عَلَيْهِمْ آيَاتِنَا وَلَٰكِنَّا كُنَّا مُرْسِلِينَ
තවද එනමුත් අපි (බොහෝ) පරම්පරාවන් බිහි කළෙමු. එවිට ඔවුන් වෙත ආයු කාලය දීර්ඝ විය. තවද ඔවුන් වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන පදිංචිකරුවකු ලෙසින් ඔබ මද්යන් වාසීන් අතර නොවීය. එනමුත් අප ධර්ම දූතයින් එවන්නන් වූයෙමු.
وَمَا كُنْتَ بِجَانِبِ الطُّورِ إِذْ نَادَيْنَا وَلَٰكِنْ رَحْمَةً مِنْ رَبِّكَ لِتُنْذِرَ قَوْمًا مَا أَتَاهُمْ مِنْ نَذِيرٍ مِنْ قَبْلِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
තවද අපි අමතන විට ඔබ තූර් කන්ද අසල නොවූයෙහිය. එනමුත් මෙය ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු නොපැමිණි පිරිසකට ඔවුන් උපදෙස් ලැබිය හැකිවනු පිණිස ඔබ අවවාද කරනු වස් ඔබගේ පරමාධිපතිගෙන් වූ දයාවක් වශයෙනි. (ඔබට දැනුම් දෙනු ලැබ ඇත්තේ.)

Choose other languages: