Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #23 Translated in Sinhalese

فَلَمَّا أَنْ أَرَادَ أَنْ يَبْطِشَ بِالَّذِي هُوَ عَدُوٌّ لَهُمَا قَالَ يَا مُوسَىٰ أَتُرِيدُ أَنْ تَقْتُلَنِي كَمَا قَتَلْتَ نَفْسًا بِالْأَمْسِ ۖ إِنْ تُرِيدُ إِلَّا أَنْ تَكُونَ جَبَّارًا فِي الْأَرْضِ وَمَا تُرِيدُ أَنْ تَكُونَ مِنَ الْمُصْلِحِينَ
ඔවුන් දෙදෙනාටම සතුරු වූ අය අල්ලා ගන්නට ඔහු සිතූ කල්හි, අහෝ මූසා! පෙර දින ඔබ කෙනෙකු මරා දැමුවාක් මෙන් ඔබ මා මරා දමන්නට සිතන්නෙහි ද? ඔබ මහපොළොවේ දැඩි පාලකයකු වීමට මිස වෙනකක් ඔබ අපේක්ෂා කරන්නේ නැත. එමෙන්ම ප්‍රතිසංස්කරණය කරන්නන් අතර වීමට ඔබ අපේක්ෂා කරන්නේ ද නැතැයි ඔහු පැවසීය.
وَجَاءَ رَجُلٌ مِنْ أَقْصَى الْمَدِينَةِ يَسْعَىٰ قَالَ يَا مُوسَىٰ إِنَّ الْمَلَأَ يَأْتَمِرُونَ بِكَ لِيَقْتُلُوكَ فَاخْرُجْ إِنِّي لَكَ مِنَ النَّاصِحِينَ
තවද නගරයේ ඈත කෙළවර සිට මිනිසෙකු දිව ඇවිත් අහෝ මූසා! නියත වශයෙන්ම ප්‍රධානීහු ඔබ මරා දැමීමට ඔබ ගැන සාකච්ඡා කරති. එහෙයින් ඔබ පිට ව යනු. නියත වශයෙන්ම මම ඔබට උපදෙස් දෙන්නන් අතරින් කෙනෙකු යැයි ඔහු පැවසීය.
فَخَرَجَ مِنْهَا خَائِفًا يَتَرَقَّبُ ۖ قَالَ رَبِّ نَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ
එවිට ඔහු බියට පත් ව සුපරීක්ෂාකාරී ව ඉන් පිට වී ‘මාගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු මැනව’ යැයි ඔහු පැවසීය.
وَلَمَّا تَوَجَّهَ تِلْقَاءَ مَدْيَنَ قَالَ عَسَىٰ رَبِّي أَنْ يَهْدِيَنِي سَوَاءَ السَّبِيلِ
තවද ඔහු මද්යන් දෙසට මුහුණලා ගිය කල්හි, මාගේ පරමාධිපති මට නිවැරදි මග පෙන්වන්නට පුළුවණැයි ඔහු පැවසීය.
وَلَمَّا وَرَدَ مَاءَ مَدْيَنَ وَجَدَ عَلَيْهِ أُمَّةً مِنَ النَّاسِ يَسْقُونَ وَوَجَدَ مِنْ دُونِهِمُ امْرَأَتَيْنِ تَذُودَانِ ۖ قَالَ مَا خَطْبُكُمَا ۖ قَالَتَا لَا نَسْقِي حَتَّىٰ يُصْدِرَ الرِّعَاءُ ۖ وَأَبُونَا شَيْخٌ كَبِيرٌ
තවද මද්යන්හි ජලාශයක් අසලට ඔහු පැමිණි කල්හි ජනයා අතරින් (තම ගොවිපළ සතුන්ට) ජලය සපයන ප්‍රජාවක් දුටුවේය. තවද ඔවුන් හැර (ඉන්) වැළකී සිටින කතුන් දෙදෙනකු ද ඔහු දුටුවේය. ඔබ දෙදෙනා අහකට වී සිටින්නේ ඇයි දැයි ඔහු විමසීය. මෙම එඬේරුන් පිට ව යන තෙක් අපට ජලය සැපයිය නොහැක. තවද අපගේ පියාණන් ඉතා වයෝවෘද්ධ කෙනෙකි යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝය.

Choose other languages: