Quran Apps in many lanuages:

Surah Al-Mulk Ayahs #7 Translated in Sinhalese

الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا ۖ مَا تَرَىٰ فِي خَلْقِ الرَّحْمَٰنِ مِنْ تَفَاوُتٍ ۖ فَارْجِعِ الْبَصَرَ هَلْ تَرَىٰ مِنْ فُطُورٍ
ඔහු වනාහි අහස් සතම (එකිනෙක උඩ පිහිටන සේ) තට්ටු වශයෙන් මැව්වේය. කරුණාවන්තයාගේ මැවීම්හි පරස්පරතාවයන් නුඹ නොදකිනු ඇත. එහෙයින් යම් පැලීමක් නුඹ දකින්නේ දැයි නෙත් යොමු කර බලනු.
ثُمَّ ارْجِعِ الْبَصَرَ كَرَّتَيْنِ يَنْقَلِبْ إِلَيْكَ الْبَصَرُ خَاسِئًا وَهُوَ حَسِيرٌ
පසුවද නුඹ දෙවරක් නෙත් යොමු කර බලනු. එම නෙත් නුඹ වෙත එය වෙහෙසට පත් තත්ත්වයේ අවමානයෙන් යුතු ව හැරෙනු ඇත.
وَلَقَدْ زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَجَعَلْنَاهَا رُجُومًا لِلشَّيَاطِينِ ۖ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ السَّعِيرِ
තවද සැබැවින්ම අපි මෙලොව අහස පහන් මගින් අලංකාරවත් කළෙමු. ඒවා ෂෙයිතානුන් පළවා හරින වස්තූන් බවට අපි පත් කළෙමු. තවද අපි ඔවුනට ඇවිළෙන ගින්නේ දඬුවම ද සූදානම් කර ඇත්තෙමු.
وَلِلَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ ۖ وَبِئْسَ الْمَصِيرُ
එමෙන්ම තම පරමාධිපති ව ප්‍රතික්ෂේප කළවුනට නිරයේ දඬුවම ඇත. තවද (ඔවුහු) යොමු වන ස්ථානය නපුරු විය.
إِذَا أُلْقُوا فِيهَا سَمِعُوا لَهَا شَهِيقًا وَهِيَ تَفُورُ
ඔවුන් එහි හෙළනු ලැබූ කල්හි එය උතරමින් තිබිය දී ඉන් ඔවුහු දැඩි පිළිකුල් හඬකට සවන් දෙති.

Choose other languages: