Quran Apps in many lanuages:

Surah Al-Mulk Ayahs #6 Translated in Sinhalese

الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۚ وَهُوَ الْعَزِيزُ الْغَفُورُ
ඔහු වනාහි මරණය සහ ජීවය මැව්වේ ය. (මන්ද) නුඹලා අතරින් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් දැහැමි දැයි ඔහු නුඹලා ව පරීක්ෂා කරනු පිණිසය. තවද ඔහු සර්ව බලධාරීය; අතික්ෂමාශීලීය.
الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا ۖ مَا تَرَىٰ فِي خَلْقِ الرَّحْمَٰنِ مِنْ تَفَاوُتٍ ۖ فَارْجِعِ الْبَصَرَ هَلْ تَرَىٰ مِنْ فُطُورٍ
ඔහු වනාහි අහස් සතම (එකිනෙක උඩ පිහිටන සේ) තට්ටු වශයෙන් මැව්වේය. කරුණාවන්තයාගේ මැවීම්හි පරස්පරතාවයන් නුඹ නොදකිනු ඇත. එහෙයින් යම් පැලීමක් නුඹ දකින්නේ දැයි නෙත් යොමු කර බලනු.
ثُمَّ ارْجِعِ الْبَصَرَ كَرَّتَيْنِ يَنْقَلِبْ إِلَيْكَ الْبَصَرُ خَاسِئًا وَهُوَ حَسِيرٌ
පසුවද නුඹ දෙවරක් නෙත් යොමු කර බලනු. එම නෙත් නුඹ වෙත එය වෙහෙසට පත් තත්ත්වයේ අවමානයෙන් යුතු ව හැරෙනු ඇත.
وَلَقَدْ زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَجَعَلْنَاهَا رُجُومًا لِلشَّيَاطِينِ ۖ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ السَّعِيرِ
තවද සැබැවින්ම අපි මෙලොව අහස පහන් මගින් අලංකාරවත් කළෙමු. ඒවා ෂෙයිතානුන් පළවා හරින වස්තූන් බවට අපි පත් කළෙමු. තවද අපි ඔවුනට ඇවිළෙන ගින්නේ දඬුවම ද සූදානම් කර ඇත්තෙමු.
وَلِلَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ ۖ وَبِئْسَ الْمَصِيرُ
එමෙන්ම තම පරමාධිපති ව ප්‍රතික්ෂේප කළවුනට නිරයේ දඬුවම ඇත. තවද (ඔවුහු) යොමු වන ස්ථානය නපුරු විය.

Choose other languages: