Quran Apps in many lanuages:

Surah Al-Mujadala Ayahs #6 Translated in Sinhalese

الَّذِينَ يُظَاهِرُونَ مِنْكُمْ مِنْ نِسَائِهِمْ مَا هُنَّ أُمَّهَاتِهِمْ ۖ إِنْ أُمَّهَاتُهُمْ إِلَّا اللَّائِي وَلَدْنَهُمْ ۚ وَإِنَّهُمْ لَيَقُولُونَ مُنْكَرًا مِنَ الْقَوْلِ وَزُورًا ۚ وَإِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ
නුඹලා අතරින් තම බිරියන්ට (කෝපයෙන්) මව යැයි පවසන්නන් හට ඔවුන් මොවුන්ගේ මව්වරුන් නොවෙති. මොවුන්ගේ මව්වරු වනුයේ මොවුන්ව ප්‍රසූත කළ අය මිස නැත. තවද නියත වශයෙන්ම මොවුහු පිළිකුල් සහගත ප්‍රකාශයක් හා මුසාවක් පවසති. තවද නියත වශයෙන්ම අල්ලාහ් නොසලකා හරින්නා ය; අති ක්ෂමාශීලී ය.
وَالَّذِينَ يُظَاهِرُونَ مِنْ نِسَائِهِمْ ثُمَّ يَعُودُونَ لِمَا قَالُوا فَتَحْرِيرُ رَقَبَةٍ مِنْ قَبْلِ أَنْ يَتَمَاسَّا ۚ ذَٰلِكُمْ تُوعَظُونَ بِهِ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
තවද තම බිරියන්ට (කෝපයෙන්) මව යැයි පවසා පසුව පසු ව, ඔවුන් පැවසූ ප්‍රකාශයෙන් (මිදී) නැවත හැරෙන්නේ නම්, එවිට ඔවුන් එකිනෙකා පහස විඳීමට පෙර වහලෙකු නිදහස් කළ යුතු ව ඇත. මේවා නුඹලාට කවර දෙයක් සම්බන්ධ ව උපදෙස් දෙනු ලබන්නේ ද ඒවාය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ مِنْ قَبْلِ أَنْ يَتَمَاسَّا ۖ فَمَنْ لَمْ يَسْتَطِعْ فَإِطْعَامُ سِتِّينَ مِسْكِينًا ۚ ذَٰلِكَ لِتُؤْمِنُوا بِاللَّهِ وَرَسُولِهِ ۚ وَتِلْكَ حُدُودُ اللَّهِ ۗ وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ
එවිට කවරෙකු එය (වහලෙක් නිදහස් කිරීමට වත්කම්) නොලැබුවේ ද, එවිට ඔවුන් එකිනෙකා පහස විඳීමට පෙර අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතු ව ඇත. එයට ඔහු ශක්තිය නොදැරුවේ නම් දුගියන් හැට දෙනෙකුට ආහාර සැපයිය යුතු ව ඇත. එය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව නුඹලා විශ්වාස කරනු පිණිසය. තවද මේවා අල්ලාහ්ගේ සීමාවන්ය. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට වේදනීය දඬුවමක් ඇත.
إِنَّ الَّذِينَ يُحَادُّونَ اللَّهَ وَرَسُولَهُ كُبِتُوا كَمَا كُبِتَ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ وَقَدْ أَنْزَلْنَا آيَاتٍ بَيِّنَاتٍ ۚ وَلِلْكَافِرِينَ عَذَابٌ مُهِينٌ
නියත වශයෙන්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්(ගේ නියෝගය) ට විරුද්ධ වන්නන් වනාහි ඔවුනට පෙර සිටියවුන් නින්දාවට පත් කරනු ලැබුවාක් මෙන්ම ඔවුන්ද නින්දාවට පත් කරනු ලබන්නෝය. තවද සැබැවින්ම අපි පැහැදිලි වදන් පහළ කළෙමු. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් ඇත.
يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيُنَبِّئُهُمْ بِمَا عَمِلُوا ۚ أَحْصَاهُ اللَّهُ وَنَسُوهُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ
එදින අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටුවා ඔවුන් සිදු කළ දෑ පිළිබඳ ව දන්වා සිටියි. අල්ලාහ් එය ගණන් ගෙන ඇත. නමුත් ඔවුහු එය අමතක කළෝය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය.

Choose other languages: