Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #92 Translated in Sinhalese

وَكُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ حَلَالًا طَيِّبًا ۚ وَاتَّقُوا اللَّهَ الَّذِي أَنْتُمْ بِهِ مُؤْمِنُونَ
තවද අල්ලාහ් නුඹලාට පිරිනැමූ දැයින් අනුමත පිරිසිදු දෑ නුඹලා අනුභව කරනු. නුඹලා කවරෙකු විශ්වාස කරමින් සිටින්නේ ද එවන් අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු.
لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَٰكِنْ يُؤَاخِذُكُمْ بِمَا عَقَّدْتُمُ الْأَيْمَانَ ۖ فَكَفَّارَتُهُ إِطْعَامُ عَشَرَةِ مَسَاكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍ ۖ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ ۚ ذَٰلِكَ كَفَّارَةُ أَيْمَانِكُمْ إِذَا حَلَفْتُمْ ۚ وَاحْفَظُوا أَيْمَانَكُمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَشْكُرُونَ
නුඹලාගේ දිවුරීම්හි නිකමට පවසන දෑ වෙනුවෙන් අල්ලාහ් නුඹලා ව හසු නොකරයි. නමුත් නුඹලා ව ඔහු හසු කරනුයේ තිරසාර ලෙස පවසන දිවුරීම් වෙනුවෙනි. (දිවුරුම කඩ කළේ නම්) එවිට එහි ප්‍රතිකර්මය වනුයේ නුඹලාගේ පවුලට ආහාර වශයෙන් නුඹලා මධ්‍යස්ථ ව ලබා දෙන දැයින් දුගියන් දස දෙනෙකුට ආහාර සැපයීමය. නැතහොත් ඔවුනට ඇඳුම් ලබා දීමය. එසේත් නැතහොත් වහලෙකු නිදහස් කිරීමය. නමුත් කවරෙකු (ඒවායින් යමක්) නොලැබුවේද ඔහු දින තුනක් උපවාසයේ නියැළිය යුතුය. නුඹලා දිවුරා සිටියේ නම් නුඹලාගේ දිවුරීම් (කඩ කිරීම්) වලට ප්‍රතිකර්මය වනුයේ එයයි. තවද නුඹලාගේ දිවුරීම් ආරක්ෂා කරනු. නුඹලා කෘතවේදී වනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ එලෙසය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْأَنْصَابُ وَالْأَزْلَامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සුරාව සූදුව පිළිම වන්දනාව හා රිටි මඟින් කුසපත් ඇදීම ෂෙයිතාන්ගේ ක්‍රියාවෙන් වූ පිළිකුල් සහගත දෑ ය. එබැවින් නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස නුඹලා එයින් වැළකී සිටිනු.
إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَنْ يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَنْ ذِكْرِ اللَّهِ وَعَنِ الصَّلَاةِ ۖ فَهَلْ أَنْتُمْ مُنْتَهُونَ
ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව තුළින් නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඇති කිරීමට හා අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාතයේ නිරත වීමෙන් නුඹලා ව අවහිර කිරීමටය. එබැවින් නුඹලා එයින් වැළකිය යුත්තන් නොවේ ද?
وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَاحْذَرُوا ۚ فَإِنْ تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّمَا عَلَىٰ رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ
තවද නුඹලා අල්ලාහ් ට අවනත වනු. රසූල්වරයාට ද අවනත වනු. ප්‍රවේසමෙන් කටයුතු කරනු. නමුත් නුඹලා පිටුපෑවෙහු නම් අපගේ දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලි ව දන්වා සිටීම පමණක් බව නුඹලා දැන ගනු.

Choose other languages: