Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #80 Translated in Sinhalese

قُلْ أَتَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا نَفْعًا ۚ وَاللَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ
අල්ලාහ්ගෙන් තොරව නුඹලාට කිසිදු හානියක් හෝ කිසිදු ප්‍රයෝජනයක් හෝ කිරීමට බලය නොමැති දෑට නුඹලා වන්දනාමාන කරන්නෙහු දැ යි (නබිවරය!) නුඹ අසනු. තවද අල්ලාහ් වන ඔහු සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.
قُلْ يَا أَهْلَ الْكِتَابِ لَا تَغْلُوا فِي دِينِكُمْ غَيْرَ الْحَقِّ وَلَا تَتَّبِعُوا أَهْوَاءَ قَوْمٍ قَدْ ضَلُّوا مِنْ قَبْلُ وَأَضَلُّوا كَثِيرًا وَضَلُّوا عَنْ سَوَاءِ السَّبِيلِ
ධර්ම ග්‍රන්ථ හිමියනි! නුඹලා නුඹලාගේ දහමෙහි සත්‍ය නොවන දෑ(පැවසීමෙ)හි සීමාව ඉක්මවා නොයනු. මීට පෙර නොමඟ ගිය ජනයාගේ ආශාවන් අනුගමනය නොකරනු. ඔවුන් බොහෝ දෙනාව නොමඟ යැවූ අතර ඔවුහු ද නිවැරදි මාර්ගයෙන් නොමඟ ගියහැයි (නබිවරය!) නුඹ පවසනු.
لُعِنَ الَّذِينَ كَفَرُوا مِنْ بَنِي إِسْرَائِيلَ عَلَىٰ لِسَانِ دَاوُودَ وَعِيسَى ابْنِ مَرْيَمَ ۚ ذَٰلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ
ඉස්රාඊල්ගේ දරුවන් අතරින් ප්‍රතික්ෂේප කළවුන් දාවූද් හා මර්යම්ගේ පුත් ඊසාගේ දිවෙන් ශාප කරනු ලැබීය. එය ඔවුන් පිටුපා; සීමාව ඉක්මවා කටයුතු කරමින් සිටි හේතුවෙනි.
كَانُوا لَا يَتَنَاهَوْنَ عَنْ مُنْكَرٍ فَعَلُوهُ ۚ لَبِئْسَ مَا كَانُوا يَفْعَلُونَ
ඔවුන් සිදු කළ පිළිකුල් සහගත දැයින් ඔවුන් එකිනෙකා වළක්වා නොගනිමින් සිටියෝය. ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය.
تَرَىٰ كَثِيرًا مِنْهُمْ يَتَوَلَّوْنَ الَّذِينَ كَفَرُوا ۚ لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ أَنْفُسُهُمْ أَنْ سَخِطَ اللَّهُ عَلَيْهِمْ وَفِي الْعَذَابِ هُمْ خَالِدُونَ
ඔවුන්ගෙන් බොහෝ දෙනා ප්‍රතික්ෂේප කළවුන් ව මිතුරු පාක්ෂකයින් ලෙස ගැනීම නුඹ දකිනු ඇත. ඔවුන්ගේ ආත්මාවන් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කළ දෑ නපුරු විය. හේතුව ඔවුන් කෙරෙහි අල්ලාහ් කෝප විය. ඔවුහු දඬුවමෙහි සදාතනිකයෝ වෙති.

Choose other languages: