Surah Al-Maeda Ayahs #67 Translated in Sinhalese
لَوْلَا يَنْهَاهُمُ الرَّبَّانِيُّونَ وَالْأَحْبَارُ عَنْ قَوْلِهِمُ الْإِثْمَ وَأَكْلِهِمُ السُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا يَصْنَعُونَ
ඔවුන් පාප වදන් පැවසීමෙන් ද තහනම් දෑ ඔවුන් අනුභව කිරීමෙන් ද ගැඹුරු ප්‍රඥාවෙන් යුත් විද්වත්හු හා ආගමික නායකයෝ ඔවුන් ව වැළකිය යුතු නොවේ ද? ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය.
وَقَالَتِ الْيَهُودُ يَدُ اللَّهِ مَغْلُولَةٌ ۚ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُوا بِمَا قَالُوا ۘ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنْفِقُ كَيْفَ يَشَاءُ ۚ وَلَيَزِيدَنَّ كَثِيرًا مِنْهُمْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ طُغْيَانًا وَكُفْرًا ۚ وَأَلْقَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۚ كُلَّمَا أَوْقَدُوا نَارًا لِلْحَرْبِ أَطْفَأَهَا اللَّهُ ۚ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا ۚ وَاللَّهُ لَا يُحِبُّ الْمُفْسِدِينَ
අල්ලාහ්ගේ අත බැඳ දමනු ලැබ ඇතැයි යුදෙව්වෝ පවසති. බැඳ දමනු ලැබ ඇත්තේ ඔවුන්ගේ අත්ය. ඔවුන් පැවසූ දෑ හේතුවෙන් ඔවුහු ශාප කරනු ලැබුවෝය. එසේ නොව ඔහුගේ දෑත් දිගු හරිනු ලැබ ඇත. ඔහු අභිමත කරන පරිදි වියදම් කරයි. (නබිවරය) නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන්ගෙන් බොහෝ දෙනාට සීමාව ඉක්මවා යෑම හා ප්‍රතික්ෂේපය සැබැවින්ම වර්ධනය කරනු ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා අපි ඔවුන් අතර සතුරුකම හා ක්‍රෝධය හෙළුවෙමු. ඔවුන් යුද ගිනි අවුළන සෑම අවස්ථාවකම අල්ලාහ් එය නිමා දැමුවේය. ඔවුහු මිහිතලයේ කලහකම් කිරීමට යුහුසුළු වෙති. තවද අල්ලාහ් කලහකාරීන් ව ප්‍රිය නොකරයි.
وَلَوْ أَنَّ أَهْلَ الْكِتَابِ آمَنُوا وَاتَّقَوْا لَكَفَّرْنَا عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَأَدْخَلْنَاهُمْ جَنَّاتِ النَّعِيمِ
ධර්ම ග්‍රන්ථ හිමි ජනයා විශ්වාස කර දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කළේ නම් ඔවුන්ගේ පාපකම් ඔවුන්ගෙන් අපි පහ කොට ඔවුන් ව සැප පහසුකම් වලින් යුත් ස්වර්ග උයන් වලට නිසැකවම අපි ඇතුළත් කරන්නෙමු.
وَلَوْ أَنَّهُمْ أَقَامُوا التَّوْرَاةَ وَالْإِنْجِيلَ وَمَا أُنْزِلَ إِلَيْهِمْ مِنْ رَبِّهِمْ لَأَكَلُوا مِنْ فَوْقِهِمْ وَمِنْ تَحْتِ أَرْجُلِهِمْ ۚ مِنْهُمْ أُمَّةٌ مُقْتَصِدَةٌ ۖ وَكَثِيرٌ مِنْهُمْ سَاءَ مَا يَعْمَلُونَ
තවද තව්රාතය ද ඉන්ජීලය ද ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද ඔවුහු ක්‍රියාත්මක කළේ නම් ඔවුනට ඉහළින් ද ඔවුන්ගේ පාද වලට යටින් ද ඔවුහු භුක්ති විඳින්නට තිබුණි. ඔවුන් අතරින් මධ්‍යස්ථ සමූහයක් ද විය. ඔවුන්ගෙන් බොහෝ දෙනා සිදු කරන දෑ නපුරු විය.
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ ۖ وَإِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ ۚ وَاللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
අහෝ රසූල්වරය! නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ දන්වා සිටින්න. තවද නුඹ එසේ නොකළේ නම් එවිට ඔහුගේ දූත මෙහෙවර නුඹ දැන්වූයේ නැත. තවද අල්ලාහ් නුඹ ව ජනයාගෙන් ආරක්ෂා කරයි. සැබැවින්ම දේවත්වය ප්‍රතික්ෂේප කළ ජනයාට අල්ලාහ් මඟ පෙන්වන්නේ නැත.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
