Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #64 Translated in Sinhalese

قُلْ هَلْ أُنَبِّئُكُمْ بِشَرٍّ مِنْ ذَٰلِكَ مَثُوبَةً عِنْدَ اللَّهِ ۚ مَنْ لَعَنَهُ اللَّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ الْقِرَدَةَ وَالْخَنَازِيرَ وَعَبَدَ الطَّاغُوتَ ۚ أُولَٰئِكَ شَرٌّ مَكَانًا وَأَضَلُّ عَنْ سَوَاءِ السَّبِيلِ
(නබිවරය!) "අල්ලාහ් අබියසින් එයට වඩා දරුණු ප්‍රතිඵලයක් ගැන මම නුඹලාට දන්වා සිටින්න දැ?" යි අසනු. අල්ලාහ් කවරෙකුට ශාප කළේ ද තවද ඔහු කවරෙකු පිළිබඳව කෝප වූයේ ද තවද ඔවුන් අතරින් කවරෙකු වඳුරන් හා ඌරන් බවට ඔහු පත් කළේ ද තවද කවරෙකු නපුරු බලවේග වලට යටහත් වූයේ ද ඔවුහුමය නිලයෙන් වඩාත් දරුණුතම අය වන්නෝ. එමෙන්ම නිවැරදි මාර්ගයෙන් වඩාත් මුළාවූවන් වන්නෝ.
وَإِذَا جَاءُوكُمْ قَالُوا آمَنَّا وَقَدْ دَخَلُوا بِالْكُفْرِ وَهُمْ قَدْ خَرَجُوا بِهِ ۚ وَاللَّهُ أَعْلَمُ بِمَا كَانُوا يَكْتُمُونَ
තවද ඔවුහු නුඹලා වෙත පැමිණි විට “අපි විශ්වාස කළෙමු යැයි පැවසූහ. ඇත්තෙන්ම ඔවුහු දේව ප්‍රතික්ෂේපය සමඟ පිවිසුණහ. තවද ඔවුන් නික්ම ගියේ ද ඒ සමඟමය. තවද ඔවුන් වසන් කරමින් සිටි දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය.
وَتَرَىٰ كَثِيرًا مِنْهُمْ يُسَارِعُونَ فِي الْإِثْمِ وَالْعُدْوَانِ وَأَكْلِهِمُ السُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا يَعْمَلُونَ
(නබිවරය!) ඔවුන් අතුරින් බොහෝ දෙනා පාපකම්හි ද ද්‍රෝහිකම්හි ද තහනම් දෑ අනුභව කිරීමෙහි ද යුහුසුලු ව කටයුතු කරනු නුඹ දකිනු ඇත. ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය.
لَوْلَا يَنْهَاهُمُ الرَّبَّانِيُّونَ وَالْأَحْبَارُ عَنْ قَوْلِهِمُ الْإِثْمَ وَأَكْلِهِمُ السُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا يَصْنَعُونَ
ඔවුන් පාප වදන් පැවසීමෙන් ද තහනම් දෑ ඔවුන් අනුභව කිරීමෙන් ද ගැඹුරු ප්‍රඥාවෙන් යුත් විද්වත්හු හා ආගමික නායකයෝ ඔවුන් ව වැළකිය යුතු නොවේ ද? ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය.
وَقَالَتِ الْيَهُودُ يَدُ اللَّهِ مَغْلُولَةٌ ۚ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُوا بِمَا قَالُوا ۘ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنْفِقُ كَيْفَ يَشَاءُ ۚ وَلَيَزِيدَنَّ كَثِيرًا مِنْهُمْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ طُغْيَانًا وَكُفْرًا ۚ وَأَلْقَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۚ كُلَّمَا أَوْقَدُوا نَارًا لِلْحَرْبِ أَطْفَأَهَا اللَّهُ ۚ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا ۚ وَاللَّهُ لَا يُحِبُّ الْمُفْسِدِينَ
අල්ලාහ්ගේ අත බැඳ දමනු ලැබ ඇතැයි යුදෙව්වෝ පවසති. බැඳ දමනු ලැබ ඇත්තේ ඔවුන්ගේ අත්ය. ඔවුන් පැවසූ දෑ හේතුවෙන් ඔවුහු ශාප කරනු ලැබුවෝය. එසේ නොව ඔහුගේ දෑත් දිගු හරිනු ලැබ ඇත. ඔහු අභිමත කරන පරිදි වියදම් කරයි. (නබිවරය) නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන්ගෙන් බොහෝ දෙනාට සීමාව ඉක්මවා යෑම හා ප්‍රතික්ෂේපය සැබැවින්ම වර්ධනය කරනු ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා අපි ඔවුන් අතර සතුරුකම හා ක්‍රෝධය හෙළුවෙමු. ඔවුන් යුද ගිනි අවුළන සෑම අවස්ථාවකම අල්ලාහ් එය නිමා දැමුවේය. ඔවුහු මිහිතලයේ කලහකම් කිරීමට යුහුසුළු වෙති. තවද අල්ලාහ් කලහකාරීන් ව ප්‍රිය නොකරයි.

Choose other languages: