Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #51 Translated in Sinhalese

وَلْيَحْكُمْ أَهْلُ الْإِنْجِيلِ بِمَا أَنْزَلَ اللَّهُ فِيهِ ۚ وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ
තවද ඉන්ජීල් වැසියන් එහි අල්ලාහ් පහළ කළ දෑ අනුව තීන්දු ලබා දෙත්වා. අල්ලාහ් පහළ කළ දෑ අනුව කවරෙකු තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය දුෂ්ඨයෝ.
وَأَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ ۖ فَاحْكُمْ بَيْنَهُمْ بِمَا أَنْزَلَ اللَّهُ ۖ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ عَمَّا جَاءَكَ مِنَ الْحَقِّ ۚ لِكُلٍّ جَعَلْنَا مِنْكُمْ شِرْعَةً وَمِنْهَاجًا ۚ وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَٰكِنْ لِيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ ۖ فَاسْتَبِقُوا الْخَيْرَاتِ ۚ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ
තවද සත්‍යයෙන් යුතු මෙම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කළෙමු. එය තමන් අතර තිබූ (පෙර පහළ වූ) ධර්ම ග්‍රන්ථය සත්‍ය කරවන්නකි. තවද ඒවා මත ආධිපත්‍ය දරන්නකි. එබැවින් අල්ලාහ් පහළ කළ දැයින් නුඹ ඔවුන් අතර තීන්දු ලබා දෙනු. නුඹ වෙත පැමිණි සත්‍ය දැයින් ඉවත් ව ඔවුන්ගේ ආශාවන් නුඹ පිළි නොපදිනු. නුඹලා අතරින් සෑම ප්‍රජාවකටම ආගමික පිළිවෙතක් හා ක්‍රියාමාලාවක් අපි ඇති කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා ව එකම ප්‍රජාවක් බවට පත් කරන්නට තිබුණි. එනමුත් නුඹලාට පිරිනැමූ දෑ හි නුඹලා ව පිරික්සනු පිණිසය (මෙලෙස සිදු කළේ.) එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා සියල්ලගේ නැවත යොමු වීම අල්ලාහ් වෙතය. එවිට කවර විෂයක නුඹලා මතභේද වී සිටියෙහු ද එවැනි දෑ නුඹලාට ඔහු දන්වා සිටියි.
وَأَنِ احْكُمْ بَيْنَهُمْ بِمَا أَنْزَلَ اللَّهُ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ وَاحْذَرْهُمْ أَنْ يَفْتِنُوكَ عَنْ بَعْضِ مَا أَنْزَلَ اللَّهُ إِلَيْكَ ۖ فَإِنْ تَوَلَّوْا فَاعْلَمْ أَنَّمَا يُرِيدُ اللَّهُ أَنْ يُصِيبَهُمْ بِبَعْضِ ذُنُوبِهِمْ ۗ وَإِنَّ كَثِيرًا مِنَ النَّاسِ لَفَاسِقُونَ
අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර නුඹ තීන්දු ලබා දෙනු. ඔවුන්ගේ ආශාවන් නුඹ අනුගමනය නොකරනු. තවද අල්ලාහ් නුඹ වෙත පහළ කළ ඇතැම් දැයින් නුඹ ව ඔවුන් අර්බුදයකට යොමු නොකරන පරිදි නුඹ ඔවුන් ගැන ප්‍රවේසම් වනු. ඔවුන් පිටුපෑවෙහු නම් ඔවුන්ගේ ඇතැම් පාපයන් හේතුවෙන් ඔවුන් ව හසු කර ගැනීමට අල්ලාහ් ප්‍රිය කරන්නේ යැයි දැන ගනු. තවද සැබැවින්ම ජනයා අතරින් බොහෝ දෙනා දුෂ්ඨයෝ වෙති.
أَفَحُكْمَ الْجَاهِلِيَّةِ يَبْغُونَ ۚ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ حُكْمًا لِقَوْمٍ يُوقِنُونَ
ඔවුන් සොයන්නේ අඥාන යුගයේ තීන්දු ද? තරයේ විශ්වාස කරන පිරිසට තීරක වශයෙන් අල්ලාහ්ට වඩා වඩාත් අලංකාර වන්නේ කවුරුද?
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الْيَهُودَ وَالنَّصَارَىٰ أَوْلِيَاءَ ۘ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ وَمَنْ يَتَوَلَّهُمْ مِنْكُمْ فَإِنَّهُ مِنْهُمْ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! යුදෙව්වන් හා කිතුනුවන් ඇතැමෙක් ඇතැමෙකුගේ සමීප මිතුරන් වන බැවින් නුඹලා ඔවුන්ව සමීප මිතුරන් ලෙස නොගනු. නුඹලා අතරින් කවරෙකු ඔවුන් ව සමීප මිතුරන් ලෙස ගන්නෙහු ද එවිට සැබැවින්ම ඔහු ද ඔවුන් අතරින් කෙනෙකු වනු ඇත. සැබැවින්ම අල්ලාහ් අපරාධකාර ජනයාට මඟ නොපෙන්වයි.

Choose other languages: