Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #25 Translated in Sinhalese

يَا قَوْمِ ادْخُلُوا الْأَرْضَ الْمُقَدَّسَةَ الَّتِي كَتَبَ اللَّهُ لَكُمْ وَلَا تَرْتَدُّوا عَلَىٰ أَدْبَارِكُمْ فَتَنْقَلِبُوا خَاسِرِينَ
අහෝ මාගේ ජනයිනි! නුඹලාට අල්ලාහ් නියම කළ පාරිශුද්ධ භූමියට පිවිසෙනු. නුඹලා පිටුපසට හැරී පෙරළා නොයනු. එවිට නුඹලා අලාභවන්තයින් ලෙස හැරී යනු ඇත.
قَالُوا يَا مُوسَىٰ إِنَّ فِيهَا قَوْمًا جَبَّارِينَ وَإِنَّا لَنْ نَدْخُلَهَا حَتَّىٰ يَخْرُجُوا مِنْهَا فَإِنْ يَخْرُجُوا مِنْهَا فَإِنَّا دَاخِلُونَ
(එයට) අහෝ මූසා! නියත වශයෙන්ම එහි බලවත් පිරිසක් වෙති. ඔවුහු එයින් බැහැරවන තෙක් අපි එහි නොපිවිසෙමු. එසේ ඔවුන් එයින් බැහැර වන්නේ නම් එවිට සැබැවින්ම අපි එහි පිවිසෙන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
قَالَ رَجُلَانِ مِنَ الَّذِينَ يَخَافُونَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمَا ادْخُلُوا عَلَيْهِمُ الْبَابَ فَإِذَا دَخَلْتُمُوهُ فَإِنَّكُمْ غَالِبُونَ ۚ وَعَلَى اللَّهِ فَتَوَكَّلُوا إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
‘‘නුඹලා ඔවුන් වෙත දොරටුවෙන් පිවිසෙනු. එසේ නුඹලා එහි පිවිසුනෙහු නම් එවිට සැබැවින්ම නුඹලාමය ජයග්‍රාහකයෝ වන්නෝ. තවද නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කරනු” යැයි දේවත්වය ගැන බිය හැඟීමෙන් පසුවන්නන් අතරින් අල්ලාහ් ඔවුන් වෙත ආශිර්වාද කළ මිනිසුන් දෙදෙනක් පැවසුවෝය.
قَالُوا يَا مُوسَىٰ إِنَّا لَنْ نَدْخُلَهَا أَبَدًا مَا دَامُوا فِيهَا ۖ فَاذْهَبْ أَنْتَ وَرَبُّكَ فَقَاتِلَا إِنَّا هَاهُنَا قَاعِدُونَ
අහෝ මූසා! ඔවුහු එහි සිටින තාක්කල් කිසිවිටෙක අපි එහි නොපිවිසෙමු. එබැවින් ඔබ හා ඔබේ පරමාධිපති ගොස් ඔබ දෙපළ (ඔවුන් හා) සටන් වදිනු. සැබැවින්ම අපි මෙහි වාඩි වී සිටින්නෙමු යැයි ඔවුහු පැවසූහ.
قَالَ رَبِّ إِنِّي لَا أَمْلِكُ إِلَّا نَفْسِي وَأَخِي ۖ فَافْرُقْ بَيْنَنَا وَبَيْنَ الْقَوْمِ الْفَاسِقِينَ
මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම මා හා මාගේ සහෝදරයා හැර (වෙනත් කිසිවෙකු) මට පාලනය කළ නොහැක. එබැවින් පව්කාර ජනයාගෙන් ඔබ අපව වෙන් කරනු මැනව! යැයි (මූසා) පැවසුවේය.

Choose other languages: