Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #114 Translated in Sinhalese

إِذْ قَالَ اللَّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ اذْكُرْ نِعْمَتِي عَلَيْكَ وَعَلَىٰ وَالِدَتِكَ إِذْ أَيَّدْتُكَ بِرُوحِ الْقُدُسِ تُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلًا ۖ وَإِذْ عَلَّمْتُكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالْإِنْجِيلَ ۖ وَإِذْ تَخْلُقُ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ بِإِذْنِي فَتَنْفُخُ فِيهَا فَتَكُونُ طَيْرًا بِإِذْنِي ۖ وَتُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ بِإِذْنِي ۖ وَإِذْ تُخْرِجُ الْمَوْتَىٰ بِإِذْنِي ۖ وَإِذْ كَفَفْتُ بَنِي إِسْرَائِيلَ عَنْكَ إِذْ جِئْتَهُمْ بِالْبَيِّنَاتِ فَقَالَ الَّذِينَ كَفَرُوا مِنْهُمْ إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُبِينٌ
එවිට අල්ලාහ් මෙසේ පවසයි. අහෝ මර්යම්ගේ පුත් ඊසා! නුඹ වෙත හා නුඹගේ මව වෙත වූ මාගේ ආශිර්වාදය ගැන සිහිපත් කරනු. පාරිශුද්ධ ආත්මය තුළින් මම නුඹට උපකාර කළ අවස්ථාවද සිහිපත් කරනු. තොටිල්ලෙහි ද තරුණ වියෙහි ද ජනයා සමඟ නුඹ කතා කළෙහිය. තවද මම නුඹට ධර්මය ද ප්‍රඥාව ද තව්රාතය ද ඉන්ජීලය ද ඉගැන් වූ අවස්ථාව ද සිහිපත් කරනු. මාගේ අනුමැතියෙන් පක්ෂියකුගේ හැඩයක් සේ යමක් මැටියෙන් තනා ඒ තුළ නුඹ පිඹූ විට මාගේ අනුමැතියෙන් එය පක්ෂියකු බවට පත් වූ අවස්ථාවද සිහිපත් කරනු. තවද මාගේ අනුමැතියෙන් උපතින් අන්ධයාව ද ළාදුරු රෝගයද සුව කළෙහිය. මාගේ අනුමැතියෙන් මියගියවුන් නුඹ බැහැර කළ අවස්ථාව ද සිහිපත් කරනු. (එසේ) පැහැදිලි සාධක ඉස්රාඊල් දරුවන්ට නුඹ ගෙනැවිත් ඔවුන් අතරින් ප්‍රතික්ෂේප කළවුන් මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි පැවසූ විට මා ඔවුන් ව ඔබගෙන් මැඩලූ අවස්ථාව ද සිහිපත් කරනු.
وَإِذْ أَوْحَيْتُ إِلَى الْحَوَارِيِّينَ أَنْ آمِنُوا بِي وَبِرَسُولِي قَالُوا آمَنَّا وَاشْهَدْ بِأَنَّنَا مُسْلِمُونَ
මා හා මාගේ රසූල්වරයා ව විශ්වාස කරනු යැයි ගෝලයින් වෙත මා දන්වා සිටි විට ඔවුහු “අපි විශ්වාස කළෙමු. තවද සැබැවින්ම අප (අල්ලාහ්ට අවනත වූ) මුස්ලිම්වරු බව නුඹ සාක්ෂි දරනු” යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
إِذْ قَالَ الْحَوَارِيُّونَ يَا عِيسَى ابْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَنْ يُنَزِّلَ عَلَيْنَا مَائِدَةً مِنَ السَّمَاءِ ۖ قَالَ اتَّقُوا اللَّهَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
අහෝ මර්යම්ගේ පුත් ඊසා! අහසින් ආහාර බන්දේසියක් අප වෙත පහළ කිරීමට නුඹගේ පරමාධිපතිට හැකියාව ඇත්තේදැ යි ගෝලයින් විමසා සිටි විට නුඹලා විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු යැයි ඔහු පවසා සිටි අවස්ථාව සිහිපත් කරනු.
قَالُوا نُرِيدُ أَنْ نَأْكُلَ مِنْهَا وَتَطْمَئِنَّ قُلُوبُنَا وَنَعْلَمَ أَنْ قَدْ صَدَقْتَنَا وَنَكُونَ عَلَيْهَا مِنَ الشَّاهِدِينَ
අපි එයින් අනුභව කොට අපගේ හදවත් සැනසුමට පත් වීමටත් ඔබ අපට සත්‍ය පවසා ඇති බවට අප හඳුනා; ඒ කෙරහි අපද සාක්ෂිකරුවන් අතරින් වීමටත් අපි කැමැත්තෙමු යි ඔවුහු පැවසූහ.
قَالَ عِيسَى ابْنُ مَرْيَمَ اللَّهُمَّ رَبَّنَا أَنْزِلْ عَلَيْنَا مَائِدَةً مِنَ السَّمَاءِ تَكُونُ لَنَا عِيدًا لِأَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِنْكَ ۖ وَارْزُقْنَا وَأَنْتَ خَيْرُ الرَّازِقِينَ
අහෝ අපගේ පරමාධිපතියාණනි! අප වෙත අහසින් ආහාර බන්දේසියක් පහළ කරනු මැනව! එය අපටත් අපට පෙර වූ අයටත් අපගෙන් පසුව පැමිණෙන්නන්ටත් සැමරුමක් වනු ඇත. තවද එය ඔබගෙන් වූ සාක්ෂියක් ද වනු ඇත. තවද අපව පෝෂණය කරනු මැනව! පෝෂණය කරන්නන්ගෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ ඔබම වේ යැයි මර්යම්ගේ පුත් ඊසා පැවසුවේය.

Choose other languages: