Quran Apps in many lanuages:

Surah Al-Maarij Ayahs #42 Translated in Sinhalese

أَيَطْمَعُ كُلُّ امْرِئٍ مِنْهُمْ أَنْ يُدْخَلَ جَنَّةَ نَعِيمٍ
ඔවුන් අතරින් සෑම කෙනෙකුම සුව පහසුකම් ඇති ස්වර්ග උයනට ඇතුළු කරනු ලැබීම ගැන ආශා කරන්නේ ද?
كَلَّا ۖ إِنَّا خَلَقْنَاهُمْ مِمَّا يَعْلَمُونَ
එසේ නොවේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන්ම අපි ඔවුන් මැව්වෙමු.
فَلَا أُقْسِمُ بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ إِنَّا لَقَادِرُونَ
පෙරදිගවල් හා අපරදිගවල්හි පරමාධිපති මත දිවුරා පවසමි. නියත වශයෙන්ම අපි බලය දරන්නෝ වෙමු.
عَلَىٰ أَنْ نُبَدِّلَ خَيْرًا مِنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ
(ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අයවලුන් බිහි කිරීමට (බලය දරන්නෝ වෙමු.) මන්ද අපි පරාජිතයින් නොවෙමු.
فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ
ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු ඔවුන් නිෂ්ඵල කතාවෙහි නිරත වීමට ද කෙළි ලොල් කිරීමට ද ඔවුනට ඉඩ දෙනු.

Choose other languages: