Quran Apps in many lanuages:

Surah Al-Kahf Ayahs #13 Translated in Sinhalese

أَمْ حَسِبْتَ أَنَّ أَصْحَابَ الْكَهْفِ وَالرَّقِيمِ كَانُوا مِنْ آيَاتِنَا عَجَبًا
නියත වශයෙන්ම එම ලෙනට හා සෙල්ලිපිවලට අයත් වූවන් අපගේ සංඥා අතරින් පුදුම සහගත අය වශයෙන් සිටියහ යැයි (නබිවරය) නුඹ අදහස් කරන්නෙහි ද?.
إِذْ أَوَى الْفِتْيَةُ إِلَى الْكَهْفِ فَقَالُوا رَبَّنَا آتِنَا مِنْ لَدُنْكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا
තරුණයින් (රැකවරණ සොයා) ලෙන වෙත පිවිසුනු විට ‘අපගේ පරමාධිපතියාණනි! නුඹ වෙතින් වූ කරුණාව අපට පිරිනමනු මැනව! අපගේ කටයුතු සෘජු ලෙස අපට සකස් කර දෙනු මැනව.!’ යැයි ප්‍රාර්ථනා කළහ.
فَضَرَبْنَا عَلَىٰ آذَانِهِمْ فِي الْكَهْفِ سِنِينَ عَدَدًا
එවිට ලෙනෙහි වසර ගණනාවක් (නිදන්නට) ඔවුන්ගේ කන් මත ආවරණයක් අපි හෙළුවෙමු.
ثُمَّ بَعَثْنَاهُمْ لِنَعْلَمَ أَيُّ الْحِزْبَيْنِ أَحْصَىٰ لِمَا لَبِثُوا أَمَدًا
පසු ව ඔවුන් රැඳී සිටි කාලය මැනවින් සටහන් කරගෙන ඇත්තේ කණ්ඩායම් දෙකින් කවර (කණ්ඩායම)ක් දැයි අපි දන්වනු පිණිස අපි ඔවුන් ව අවදි කළෙමු.
نَحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُمْ بِالْحَقِّ ۚ إِنَّهُمْ فِتْيَةٌ آمَنُوا بِرَبِّهِمْ وَزِدْنَاهُمْ هُدًى
ඔවුන්ගේ පුවත පිළිබඳ ව අපි සැබෑ ලෙසින් නුඹ වෙත පවසන්නෙමු. නියත වශයෙන්ම ඔවුහු තරුණයෝය. ඔවුහු ඔවුන්ගේ පරමාධිපති ව විශ්වාස කළහ. තවද අපි ඔවුනට යහ මග අධික කළෙමු.

Choose other languages: