Quran Apps in many lanuages:

Surah Al-Jumua Ayahs #6 Translated in Sinhalese

هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلَالٍ مُبِينٍ
ඔහු වනාහි ලිවීමට හෝ කියවීමට නොහැකි අය අතරට ඔහුගේ වදන් ඔවුනට පාරායනය කර පෙන්වන, තවද ඔවුන් පිවිතුරු කරන, එමෙන්ම ධර්ම ග්‍රන්ථය හා ප්‍රඥාව උගන්වන ධර්ම දූතයකු එවීය. මීට පෙර ඔවුහු පැහැදිලි මුළාවක සිටියෝ ය.
وَآخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا بِهِمْ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
තවද ඔවුන් සමග මෙතෙක් එකතු නොවූ, ඔවුන් අතර වන පසුගාමීන් අතරට ද (එවීය.) තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.
ذَٰلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
එය අල්ලාහ්ගේ භාග්යයකි. ඔහු අභිමත කරන අයට එය පිරිනමයි. තවද අල්ලාහ් අතිමහත් වූ භාග්යය සම්පන්නය.
مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْرَاةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ الْحِمَارِ يَحْمِلُ أَسْفَارًا ۚ بِئْسَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِ اللَّهِ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
තව්රාතය උසුලන්නට සලස්වනු ලැබ, පසු ව එය නොඉසිලූ අයට උපමාව පොත් පොදියක් උසුලන බූරුවාගේ උපමාව වැනිය. අල්ලාහ්ගේ වදන් බොරු කළ ජනයාගේ උපමා ව නපුරු විය. තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.
قُلْ يَا أَيُّهَا الَّذِينَ هَادُوا إِنْ زَعَمْتُمْ أَنَّكُمْ أَوْلِيَاءُ لِلَّهِ مِنْ دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ
“අහෝ යුදෙව් වූවනි! සෙසු ජනයාට වඩා නියත වශයෙන්ම නුඹලා අල්ලාහ්ගේ සුමිතුරන් යැයි තරයේ විශ්වාස කළෙහු නම් එසේම නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් නුඹලා මරණයට ආශා කරනු” යැයි (නබිවරය!) නුඹ පවසනු.

Choose other languages: